Indian Premier League

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නම විකුණා හොරා කන්න ආ යුවළක් අල්ලයි

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ව්‍යාජ හැඳුනුම්පත් සහ ලේඛන පෙන්වා මුදල් වංචා කිරීමට පැමිණි පිරිමි පුද්ගලයෙක් සහ කාන්තාවක අලුත්ගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අලුත්ගම – දර්ගා නගරයේ පිහිටි රත්රන් භාණ්ඩ අලෙවි ස්ථානයකට ඊයේ (29) පස්වරුවේ පැමිණ ඇති මෙම දෙදෙනා ඔවුන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බව පවසා ඔවුන් සතුව තිබූ හැඳුනුම්පතක් සහ ව්‍යාජ ලේඛන පෙන්වා ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී වෙළඳසැලේ බදු නොගෙවා ඇති බවත්, ඒ සඳහා රුපියල් ලක්ෂ දහයක හිඟ මුදලක් ඇති බවත් පෙන්වා එම වෙළඳසැලේ හිමිකරු නොමඟ යවා වංචනික ලෙස මුදල් ලබාගැනීමට උත්සාහ කර ඇති බව සඳහන්.

පසුව වෙළඳසැල් හිමිකරු මේ බව තම පුතාට දැනුම්දීමට කටයුතු කර ඇති අතර, මෙම යුවළ ව්‍යාජ යුවළක් බවට හඳුනාගෙන ගෙන දෙදෙනාව ප්‍රදේශවාසීන් සමඟ එක්ව අල්ලාගෙන අලුත්ගම පොලිසියට භාරදීමටයි කටයුතු කර ඇත්තේ.

මෙම සැකකාර යුවළ තවත් කණ්ඩායමක් සමඟ අලුත්ගම ප්‍රදේශයට පැමිණ මෙම වංචාවේ නිරතව සිට ඇති අතර, මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සැලවීමත් සමඟ වංචාකාරී කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයින් ප්‍රදේශයෙන් පළා ගොස් තිබෙනවා.

මෙම කණ්ඩායම මීට පෙර කඳාන ප්‍රදේශයේ ද මේ මෙවැනි ආකාරයෙන් වෙළඳසැල්වලට පැමිණ ඇති බවට තොරතුරු අනාවරණය වී තිබූ හෙයින් එම වෙළඳසැලේ හිමිකරුගේ පුත්‍රයා ඒ බව වට්සැප් සමූහයක් මගින් හඳුනාගෙන තිබුණු අතර ඒ හේතුවෙන් මොවුන් දෙදෙනාව මෙලෙස අල්ලා ගැනීමට හැකිව තිබෙනවා.

සැකකාර යුවළ අද (30) දින කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආශුගෙන් ආණ්ඩුව සලිතවෙන අනාවැකියක් - වැඩසටහන මැද Play වුණු වීඩියෝව
13:03
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම ලක්මාලි හේමචන්ද්‍ර සහ හිටපු පා.ම මහාචාර්ය ආශු මාරසිංහ සහභාගීවන කස්තිරම
01:35:01
Video thumbnail
ආශුගෙන් ආණ්ඩුවට ලොකු පාඩමක් උගන්වයි
12:59
Video thumbnail
ඡන්දය දුන්නත් සල්ලි තියෙනවද දෙන්න ? - රනිල්ගෙන් ආණ්ඩුවට සැර හින්ට් පාට් එකක්
15:34
Video thumbnail
කටුනායක ව්‍යාපාරිකයාගේ දිවි තොර කරන්න ආ වෙ#ක්කරු කොටු වෙයි
01:11
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රීතුමිය හිනාවෙලා රනිල් ගැන කියපු කතාව
07:56
Video thumbnail
ආශු මාරසිංහ කෙලින්ම සැරටම කියපු කතාව
06:53
Video thumbnail
කුණු කානුවේ ගිය ඔටුන්න රනිල්ගේ ඔළුවට ආවට - මේ ඔටුන්න ජනතාවම අපිට පැළන්දුවා
04:56
Video thumbnail
සමහර අයගේ ගණුදෙණු ආපුවහම අපිට ආත්ම හතක් තියන්න වෙනවා
12:22
Video thumbnail
සෙංකඩගල නුවරට වැහැපු වැස්සටබැතිමත්තු සිසීකඩ දුවයි
09:08

?