Monday, January 13, 2025
Empty Ad
AFC Banner
AFC Banner

දේශීය ආදායම් කොමසාරිස්වරියට අධිකරණයෙන් නියෝගයක්

බදු නොගෙවූ බව කියන පෞද්ගලික ආයතනයකට එරෙහිව ගොනු කළ නඩුවකට අදාල වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් ලබන ජනවාරි 7 දින අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස දේශීය ආදායම් කොමසාරිස්වරියට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා අද (02) නියෝග කළා.

මිලියන හතක බදු මුදලක් නොගෙවීම සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මගින් පෞද්ගලික ආයතනයකට එරෙහිව අධිකරණය හමුවේ නඩුවක් ගොනුකර ඇති බවත් එම නඩුවට අදාළ වාර්තාවක් අද දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අධිකරණය මගින් එම දෙපාර්තමේන්තුවට කර තිබූ නියෝගයක් පැහැර හැරීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා කොමසාරිස්වරියට එසේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට අධිකරණයෙන් නියම කෙරුණු බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

ගෙවිය යුතු බදු මුදලින් ලක්ෂ පහළොවක පමණ මුදලක් මේ වන විට ගෙවා අවසන් කර ඇති නමුත් ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජිතයකු අධිකරණය හමුවේ පෙනී සිට නොමැති බවට එම පෞද්ගලික සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ දැක්වූ කරුණු සැලකිල්ලට ගනිමින් මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
3
+1
38
+1
2
+1
1
+1
7
+1
8
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජංගම දුරකථනය දැකලා දෙමව්පියන් බයවෙන්න එපා
08:50
Video thumbnail
ශ්‍රී මහා බෝධිය වඳින්න ගිය කතානායකට සැරටම කියලා දීපු හිමිවරු
18:53
Video thumbnail
දඬුවම් දීපු දුමින්ද සිල්වට මේ ආණ්ඩුව දැන් වෙන විදිහකින් දඬුවම් කරනවා
02:55
Video thumbnail
පොංගල් සමරන්න බැරුව අසරණ වෙන ජනතාව
05:54
Video thumbnail
ලංකාවට ආපු නැව් 30ක් හරවගෙන යයි - ඇමති බිමල් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:42
Video thumbnail
අපි ආවේ ටෙස්ට් මැච් එකක් ගහන්න - ආපු ගමන් නෙළාගෙන යන්නේ නෑ - ඇමති සමන්ත කියයි
04:04
Video thumbnail
මාලිමාවට අසාධාරණයක් - මාලිමා මන්ත්‍රීට තදවෙයි
05:06
Video thumbnail
අපිට හරි කරදර - බුදු දහම විනාශ කරනවා - හිමිවරු මාධ්‍ය කැඳවයි
28:25
Video thumbnail
වරායේ කට්ටිය එක්ක එක මීටින් එකයි - ජනපතිගේ නියෝගයෙන් ප්‍රශ්නය විසඳෙයි
22:23
Video thumbnail
ලංකාවේ මිනිස්සුන්ගේ දත්ත ඉන්දියාවට දෙන්න යනවා
12:47

?