දේශපාලන පළිගැනීම් සොයා බැලූ කොමිසමේ නිර්දේශ සම්බන්ධ කැබිනට් තීරණය නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි

හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්නගේ සභාපතිත්වයෙන් යුත් දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලීම සඳහා පත් කළ පරීක්ෂණ කොමිසම විසින් සිදුකර තිබෙන නිර්දේශ හා සොයාගැනීම් වලට අදාළව ඉදිරි ක්‍රියාමාර්ග නොගැනීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇතැයි නීතිපතිවරයා අද (28) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

එම කොමිසමේ නිර්දේශ බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද (28) දිනයේ කැදවනු ලැබූ අවස්ථාවේ දී නීතිපති සංජේ රාජරත්නම් විසින් මෙම දැනුම් දීම සිදුකළා.

අදාළ කොමිසමේ නිර්දේශ බලරහිත කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විවිධ පාර්ශ්ව විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් 09ක් ගොනු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?