Empty Ad
AFC Banner
Empty Ad

දෙහිඕවිට නගරයේ නිවසක නාන කාමරයක් තුළ කාන්තා මළ සිරුරක්

අභිරහස් ලෙස මියගිය කාන්තාවකගේ මළ සිරුරක් දෙහිඕවිට නගරය ආසන්නයේ නිවසක නාන කාමරයක් තුළ තිබිය දී සොයාගෙන තිබෙනවා.

දෙහිඕවිට පොලිසිය විසින් අද (22) උදෑසන එම කාන්තා මළ සිරුර සොයාගත් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ 38 හැවිරිදි වියේ පසුවූ විවාහක කාන්තාවක් බවයි වාර්තා වුණේ.

මෙම කාන්තාව ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කරන තැනැත්තියක් වන අතර, සිද්ධිය සිදුව අවස්ථාවේ දී ඇයගේ සැමියා නිවසේ නොසිටි බවයි තොරතුරු වාර්තා වන්නේ.

සැමියා මේ වනවිට ප්‍රකාශයක් ලබාගැනීම සඳහා දෙහිඕවිට පොලිසියට කැඳවාගෙන ගොස් ඇති බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
5
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?