Fly high Get bonus Aviator Phone

දෙසැම්බරයේ මුල් දින 10 තුල පැමිණි සංචාරකයන් පනස් දහස ඉක්මවයි

දෙසැම්බර් මාසයේ පළමු දින 10 තුළ සංචාරකයින් පනස් දහසකට අධික පිරිසක් දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

සංචාරකයින් 57,394 දෙනෙකු දෙසැම්බර් මාසයේ පළමු දින දහය තුළ දිවයිනට පැමිණ ඇති බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පෙන්වා දෙන්නේ.

එම සංචාරකයින්ගෙන් වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව 11,402ක්.

රුසියාවෙන් සංචාරකයින් 8004 දෙනෙකු පැමිණ තිබෙනවා. දෙසැම්බර් මාසයේ පළමු දින 10 තුළ බ්‍රිතාන්‍යයෙන් පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 5991ක්.

ජර්මනියෙන් සංචාරකයින් 5336 දෙනෙකු මේ මාසයේ පළමු දින දහය තුළ දිවයිනට පැමිණ ඇති බවයි වාර්තාවල දැක්වෙන්නේ.

2023 වසරේ ගත වූ කාලය තුළ දිවයිනට පැමිණි සමස්ත සංචාරකයින්ගේ සංඛ්‍යාව 1,334,345ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?