Indian Premier League

දෙවරක් 20-20 ශූරයින් වූ කොදෙව්වන් අද සුදුසුකම් ලබාගැනීමේ තරග බිමේ

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලබාගැනීමේ වටයේ තවත් තරග දෙකක් අද (17) දිනයේ දීත් පැවැත්වෙනවා.

ඒ අනුව පළමු තරගය දෙවරක් විස්සයි විස්ස ලෝක ශූරයින් බවට පත් වූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ස්කොට්ලන්තය අතර මේ වන විට ක්‍රියාත්මකයි.

හෝබාර්ට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසිය වාසිය දිනූ කොදෙව්වන් පළමුව පන්දු යැවීමට තීරණය කළා.

දෙවන තරගය පැවත් වෙන්නේ අයර්ලන්තය සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතරයි.

මේ අතර ඉන්දියාව සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පෙර පුහුණු තරගයක් ද අද පැවැත්වෙන්නේ බ්‍රිස්බේන් නුවර Woolloongabba ක්‍රීඩාංගනයේ යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?