Fly high Get bonus Aviator Phone

දෙවරක්ම වැඩ තහනම් වූ ගන්දර OIC ගේ කැරැට්ටුව හෙලිවෙයි

ආධුනික පොලිස් කොස්තාපල්වරියක ලිංගික අතවරයට ලක් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින ගන්දර පොලිස් ස්ථානාධිපතිවරයා රජයේ ප‍්‍රබල ඇමැතිවරයකුගේ සමීප ඥාතියකු බවත්, ස්ථානාධිපති ධුරයක් ලබාගැනීමට සුදුසුකම් සපුරා නොතිබූ මෙම නිලධාරියා එම තනතුර ලබාගෙන ඇත්තේ අදාළ අමාත්‍යවරයාගේ ඍජු මැදිහත්වීමෙන් බවත් අනාවරණය වී ඇත.

ජනපි‍්‍රය නිරූපිකාවකට උදව් උපකාර කිරීමට ඉදිරිපත් වීම නිසා පසුගිය කාලයේ බෙහෙවින් කතාබහට ලක්වූ මෙම අමාත්‍යවරයා පොලිස්පතිවරයා විරෝධය පළකරද්දී සැකකාර නිලධාරියා ගන්දර ස්ථානාධිපති ධුරයට පත්කර ඇති බවද වාර්තා වෙයි.

මෙම නිලධාරියාට එම තනතුර ලබා ගැනීමට දකුණු පළාතේ තරුණ නියෝජ්‍ය ඇමැතිවරයකු ද මැදිහත් වී ඇති බව අනාවරණය වී ඇත. මීට පෙර දෙවරක්ම වැඩ තහනමට ලක්වී ඇති මෙම පොලිස් ස්ථානාධිපතිවරයා අවස්ථා කීපයකදීම විවිධ විනය විරෝධී කි‍්‍රයා සහ නීති විරෝධී කටයුතුවල නිරත වූ බවට චෝදනා එල්ල වූ අයෙකි.

ආධුනික පොලිස් කොස්තාපල්වරියට ලිංගික අතවර කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ වන විට ගන්දර පොලිසියේ නිලධාරිනියන් ඇතුළු දසදෙනකුගෙන් ප‍්‍රකාශ සටහන් කරගෙන තිබිණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත සොයිසා මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරිවරයකුගේ මූලිකත්වයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත. මේ අතර මෙම අතවරයට ලක්වූ ආධුනික පොලිස් කොස්තාපල්වරිය සහ ඇය සමග රාජකාරි කළ තවත් නිලධාරිනියන් දෙදෙනකු ගන්දර පොලිසියෙන් වෙනත් පොලිස් ස්ථාන තුනකට මාරුකර යවා තිබේ.

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු කියා සිටියේ මෙම නිලධාරිනියට සහ ඇය වෙනුවෙන් සාක්‍ෂි ලබාදීමට ඉදිරිපත්ව සිටිනා නිලධාරිනියන්ට එල්ල වන බලපෑම්වලින් ආරක්‍ෂා කර ගැනීම සඳහා ඔවුන් මාරුකර යැවීමට කටයුතු කර ඇති බවයි. සැකකාර පොලිස් ස්ථානාධිපතිවරයා මාතර අධිකරණය වෙත අද (28 දා) ඉදිරිපත් කිරීමට නියමිතය.

රාජකාරි නිල ඇඳුමින් සිටි ආධුනික පොලිස් කොස්තාපල්වරියක් සිය නිල නිවසට ගෙන්වාගෙන බලපෑම් කර ලිංගික අතවර කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ගන්දර පොලිස් ස්ථානාධිපතිවරයා මේ වනවිට රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු හමුදාපති රටම කැළඹු සිද්ධියට අත මිට මොලවා සැරටම කියපු කතාව
08:22
Video thumbnail
රණවිරුවා කියන්න බැරි ආණ්ඩුව මේක අහන්නම ඕනේ කතාවක්
02:46
Video thumbnail
අපේ සැලැස්මට තමයි යුද්ධය ඉදිරියට යන්නේ - මෙන්න හිටපු යුධ හමුදාපති හෙළිකරන දේ
04:37
Video thumbnail
යුද ජය සමරන්න ඕනේ නෑ කියපු අයට හිටපු හමුදාපති හොඳවයින් අමතයි
02:56
Video thumbnail
PRAHARAYA | හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:11:50
Video thumbnail
දේශපාලඥයාගේ කැමැත්තමතයි හැමදේම වුණේ - මහේෂ් සේනානායක හෙළිකළ යුද්ධ මෙහෙයුම
03:36
Video thumbnail
මේක අපේ සිංහලයාගේ භූමිය - කස්සප හිමි අනුරට සැරට දෙසයි
07:03
Video thumbnail
ජනපතිත් Silent වෙන්නම විමල්ගෙන් සැර සද්දයක්
25:04
Video thumbnail
ජනාධිපතිතුමා ඔය කතාව කරන්න තිබුනේ ත්‍ර#තවාදීන් ඉදිරියේ
04:42
Video thumbnail
"අපි ආවා යුතුකම් ඉටු කරන්න"
02:32

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?