Fly high Get bonus Aviator Phone

දෙමාපියන්ට නොදන්වා දිය ඇල්ලේ අනාරක්ෂිත ම තැනින් දියට බැස්ස තරුණයා අතුරුදන්

නාවලපිටිය – ගලබඩ දියඇල්ලේ දිය නෑමට ගිය තරුණයෙකු අතුරුදන් ව තිබෙනවා.

මෙලෙස අතුරුදන් ව ඇත්තේ වෙස්ටෝල් – ඇතටන් ප්‍රදේශයේ පදිංචි ව සිටි විජය කුමාර් ජැක්සන් නමැති 20 හැවිරිදි තරුණයෙක්.

අතුරුදන් වූ තරුණයා සිය මිතුරන් සිව්දෙනෙකු සමග නිවැසියන්ට හෝ නොදන්වා ගලබඩදිය ඇල්ලේ ප්‍රධාන පිවිසුම් දොරටුවෙන් ප්‍රවේශපත්‍ර ද ලබා
නොගෙන දිය ඇල්ලට ඉහළින් වනාන්තරය මැදින් වැටී ඇති අතුරු මාර්ගයකින් අනවසරයෙන් දිය ඇල්ල නැරඹීමට පැමිණ ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

එලෙස පැමිණ ඔවුන් දියඇල්ලේ අනාරක්ෂිත ම ස්ථානයකින් දිය නෑම සිදු කරන අවස්ථාවේදි මෙම ඛේදනීය ඉරණමට මුහුණ පා තිබෙනවා.

අතුරුදන් වූ තරුණයා කොළඹ ප්‍රදේශයේ පොත් අලෙවිසැලක සේවය කර සිංහල හින්දු අලුත් අවුරුදු නිවාඩුවට නිවසට පැමිණ ඇති අතර, පසුව තම මිතුරන් සමගින් විනෝද වීමට ගොස් මෙම අනතුරට මුහුණ පා ඇති බවයි අප වාර්තාකරු අනාවරණය කරගෙන ඇත්තේ.

කෙසේවෙතත් මෙතෙක් අතුරුදන් වූ තරුණයාගේ මළසිරුර සොයා ගැනීමට ප්‍රදේශවාසීන්ට හැකි වී නොමැති නිසාවෙන් ඊට නාවික හමුදා කිමිඳුම් අංශයේ සහාය ද ලබාගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?