දෙමහල් නිවසක ඉහළ මහලින් ඇදවැටී කාන්තාවක් ජීවිතක්ෂයට

අලුබෝමුල්ල, බෙලිකැලේ ප්‍රදේශයේ දෙමහල් නිවසක ඉහළ මහලින් බිමට ඇදවැටී අද (10) පෙරවරුවේ කාන්තාවක් මිය ගොස් තිබෙනවා.

අලුබෝමුල්ල පොලිසිය සඳහන් කළේ බණ්ඩාරගම, මස්විල ප්‍රදේශයේ පදිංචිව සිටි 69 හැවිරිදි කාන්තාවක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

මියගිය කාන්තාව අදාළ නිවසේ මෙහෙකාර සේවයේ නිරතව සිටි තැනැත්තියක් බවයි වාර්තා වන්නේ.

ඇය රෙදි වැනීම සඳහා ඉහළ මහලට ගිය අවස්ථාවේ දී අනාරක්ෂිතව තිබූ ස්ථානයකින් පහළට ඇදවැටී මෙම අනතුරට මුහුණ පා ඇති බව සඳහන්.

මෙම අනතුර වන අවස්ථාවේ නිවසේ හිමිකාර කාන්තාව ද නිවසේ සිට ඇති අතර, 1990 සුව සැරිය ගිලන් රථයකින් අනතුරට පත් කාන්තාව පානදුර මූලික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා කැඳවා මහේස්ත්‍රාත් පරීක්ෂණ පැවැත්වීමට නියමිතව තිබූ අතර, පානදුර අපරාධ පරීක්ෂණාගාරයේ නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
0
හරි හිනා !
2
හම්මෝ !
3
මාර දුකයි !
40
මලපනිනව !
6
කුජීතයි !
2
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?