spot_imgspot_img

දෙපා කපා සැඟව සිටි ‘කුරුප්පුමුල්ලේ රංකැටියා’ අත්අඩංගුවට

මත්කුඩු ජාවාරමක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක දී පුද්ගලයකුගේ දෙපාවලට කඩුවකින් කපා බරපතළ තුවාල සිදුකර සැඟව සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ‘කුරුප්පුමුල්ලේ රංකැටියා’ නැමැති අන්වර්ථ නාමයෙන් හදුන්වන 27 හැවිරිදි පුද්ගලයෙක්.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී පහරදීම සඳහා යොදාගත් බවට සැක කෙරෙන තියුණු කඩුවක් ද ඔහුගේ නිවසේ නාන කාමරයේ වහලයේ සඟවා තිබියදී සොයා ගැනීමට හැකිව තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුට එරෙහිව මහාධිකරණයේ නඩු කිහිපයක් ද විභාග වෙමින් පවතින බවයි අනාවරණය වී ඇත්තේ.

සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?