දෙදරු මවකට පොල්ලකින් පහර දී ඝාතනය කරලා

පොල්ලකින් පහර දී කාන්තාවක් ඝාතනය කළ බව කියන සැකකරුවෙකුව අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශණයක් ආරම්භ කර ඇති බව මාදම්පේ පොලීසිය පවසනවා.

අද (19) පෙරවරුවේ මෙම ඝාතනය සිදුව ඇති අතර, ඝාතනයට ලක්ව ඇත්තේ මාදම්පේ – සුදුවැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි දෙදරු මවක්.

ඇය මුදල් පොළියට ලබාදීම වෘත්තීය ලෙස සිදුකර ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

පහර කෑමෙන් බරපතල ලෙස තුවාල ලබා සිටි කාන්තාව එම අවස්ථාවේදීම මාදම්පේ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති නමුත් ඒ වන විටත් ඇය මිය ගොස් සිටි බවයි වාර්තා වන්නේ.

ඝාතනය සිදු කළ සැකකරු හඳුනාගෙන ඇති බව පොලීසිය සදහන් කරන අතර, ඔහුව අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඝාතනය සම්බන්ධයෙන්වන මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිත බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?