දූෂණ සංජානන දර්ශකයේ ශ්‍රී ලංකාව

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ජාත්‍යන්තර ආයතනය විසින් සම්පාදිත නවතම දූෂණ සංජානන දර්ශකය අද (25) එළිදක්වා ඇත.

2020 වසරේදී එම දර්ශකයේ 94 වන ස්ථානය ලැබූ ශ්‍රී ලංකාව 2021 වසරේ 102 වන ස්ථානය දක්වා පසුබැස ඇත.එම ආයතනය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ 2021 වසරේදී ශ්‍රී ලංකාව ලබාගෙන ඇති Cඵෛ අගය 37ක් වන බවය.

මෙහි අගය 0ක් නම් බෙහෙවින් දූෂිත රටක් ලෙස නම් කෙරෙන අතර එහි අගය 100ට ආසන්න වනවිට ඉතා පිරිසිදු රටවල් ලෙස නම් කරමින් මෙම ශ්‍රේණිගත කිරීම සිදුකරනු ලබයි.

එහි අගය 88ක් ලබාගනිමින් ඩෙන්මාර්කය, පින්ලන්තය සහ නවසීලන්තය දර්ශකයෙහි ඉහළින් සිටින රටවල් වන අතර අගය 13ක් වන සෝමාලියාව සහ සිරියාව මෙන්ම අගය 11ක් ලබාගනිමින් දකුණු සුඩානය එහි පහළ ස්ථානවල සිටියි.

ලෝක බැංකුව, ලෝක ආර්ථික සමුළුව, පෞද්ගලික අවදානම් සහ උපදේශන සමාගම්, බුද්ධි මණ්ඩල සහ වෙනත් පාර්ශ්ව ඇතුළුව බාහිර මූලාශ්‍ර 13කින් ලබා ගත් දත්ත අනුසාරයෙන් Cඵෛ ගණනය කිරීම් සිදු කරනු ලැබේ.මීට අමතරව විශේෂඥ අදහස් සහ ව්‍යාපාර ප්‍රජාවගෙන් ලබාගත් සමීක්ෂණ දත්ත ද මෙම ගණනය කිරීම්වලට යොදා ගෙන ඇත.

අල්ලස, රාජ්‍ය මුදල් අවභාවිතය, දූෂණ ක්‍රියා උදෙසා ඵලදායි ලෙස නඩු පැවරීම, ප්‍රමාණවත් නෛතික රාමු, තොරතුරුවලට ප්‍රවේශය සහ අකටයුතු නාදකයන්, මාධ්‍යවේදීන් සහ විමර්ශකයන් සඳහා වන නෛතික ආරක්ෂාව යන ක්‍රියාකාරකම් දූෂණ සංජානන දර්ශකය සම්පාදනයේ දී පදනම් වී ඇත.

Cඵෛ දර්ශකයේ ඇති රටවල් 86%ක් පමණ පසුගිය වසර 10ක කාලය තුළ දූෂණය පිටු දැකීමේ දී කිසිදු ප්‍රගතියක් ලබා නොමැත. ශ්‍රී ලංකාව ද මෙම ගණයට අයත් වන බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනය පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිමාවේ නායකයින් දැන් යට ඇඳුම් පිටින් ඉන්නේ
10:54
Video thumbnail
වැඩි මිලට හාල් විකුණන්න නම් ලෑස්ති වෙන්න එපා - නාමල් කූඨ වෙළෙඳුන්ට සැර වෙයි
03:40
Video thumbnail
සංවිධානාත්මක අ#රාධකරුවන් ‍රැසක් නැවත ලංකාවට ගෙන්වා ගැනීමට විශේෂ වැඩපිළිවෙලක්
02:00
Video thumbnail
හොරකම් කළේ අම්මා අප්පා වුණත් නීතිය ක්‍රියාත්මක කරනවා
06:14
Video thumbnail
රාජිත පුතාට නහුතෙටම තදවෙයි
06:19
Video thumbnail
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය දුමින්ද දිසානායකට ඇප
01:48
Video thumbnail
පද්මේ සහ සලින්ත එක්ක කෝල් කතා කළ මාධ්‍යවේදියාට වැඩ වරදියි..?
17:04
Video thumbnail
අතුරුදන් වූ රාජිතට වැඩ වරදියි ද..
00:50
Video thumbnail
ෆොන්සේකා සජිත්ගේ පලු අරී - පතාක යෝධයෝ හැමෝම දාලා ගියා
14:41
Video thumbnail
යාපනය ශික්ෂණ රෝහල බලන්න ආ ඇමති නලින්දට හැමෝගෙම ආදරේ හම්බුණ හැටි
01:29


?