දුරදිග ගිය රෝහල් සේවකයන් දෙදෙනාගේ ගැටුම

මධ්‍යම පළාත් සභාව මගින් පාලනය වන යටිනුවර කොටලිගොඩ ග්‍රාමීය රෝහලේ රෝහල් උපස්ථායක සේවකයෙකු හා කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවිකාවක අතර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග ගොස් එල්ල කළ අධි සාන්ද්‍ර විෂ බිජ නාශක ලයිසෝල් ද්‍රාවණ ප්‍රහාරයකින් දෙදෙනාම බරපතල තුවාල ලැබ පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

රෝහල් කොරිඩෝවේදී පෙරේදා (31) දහවල් 11.45 ට පමණ මෙම දෙදෙනා අතර බහින්බස් වීම හටගෙන තිබෙන බව පරීක්ෂණ මගින් හෙළිව ඇත. රෝහල් උපස්ථායක සේවකයා 54 වැනි වියේ පසුවන බවත් කණිෂ්ඨ සේවිකාව 48 වැනි වියේ පසුවන බවත් සිදුවීම පිළිබද පරීක්ෂණ පවත්වන පොත්තපිටිය පොලීසිය පවසයි.

රෝහල් බිම හා වැසිකිලි පිරිසිදු කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලබාදෙන විෂ බිජ නාශක ලයිසෝල් ද්‍රාවණයක් මෙම ප්‍රහාරයට යොදාගෙන තිබේ. දෙදෙනා විසින් දෙදෙනාට ලයිසෝල් ප්‍රහාරය එල්ල කරගෙන ඇත. සිද්ධිය ඇසින් දුටුවෙකු නොමැති නිසා දෙදෙනා විසින් ලබාදෙන ප්‍රකාශ පදනම් කර ගනිමින් පරීක්ෂණ සිදුකළ යුතුව තිබෙන බව පොලීසිය පවසයි.

අධි සාන්ද්‍ර විෂ බිජ නාශක ලයිසෝල් ද්‍රාවණ තැවරීම නිසා දෙදෙනාගේම ශරීරයෙන් 75 % ක පමණ ප්‍රමාණයක් පිළිස්සී තිබෙන බව වෛද්‍යවරුන් පවසති. බරපතල පිළිස්සුම් තුවාල ලත් සේවකයින් දෙදෙනා කොටලිගොඩ ග්‍රාමීය රෝහලට ඇතුළත් කර මූලික ප්‍රතිකාර ලබා දීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට මාරුකර යැවූ මේ සම්බන්ධව කළ විමසීමකදී කොටලිගොඩ රෝහලේ ප්‍රධාන වෛදය නිළධාරිනී නාලිනි හේරත් මහත්මිය සදහන් කලාය .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
2
හරි හිනා !
3
හම්මෝ !
3
මාර දුකයි !
1
මලපනිනව !
0
කුජීතයි !
3
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ ජනප්‍රියම පුවත්

?