නීතිවිරෝධී ලෙස මෙරටට දුරකථන ගෙන්වනු ලබන ජාවාරමක් ක්‍රියාත්මක වීම හේතුවෙන් ජංගම දුරකථන ව්‍යාපාර කඩා වැටීමේ අවධානමක් මතුව ඇති බව දුරකථන ආනයන හා විකුණුම්කරුන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ සභාපතිවරයා කියා සිටින්නේ මේ හේතුවෙන් රටට විශාල බදු ආදායමක් අහිමි වන බවයි.
මේ වන විට ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන ඇතුළු භාණ්ඩ රැසක් ගෙන්වීම තාවකාලිකව අත්හිටුවා ඇති තත්ත්වයක ඇතැම් කණ්ඩායම් නීතිවිරෝධී ලෙස පාර්සල් ආකාරයෙන් ජංගම දුරකථන ගෙන්වන බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
2
1
2