දුරකථන උපාංග වල මිල නැවතත් ඉහළ යන ලකුණු ?

සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද ක්‍රියාත්මක කිරීමත් සමඟ සියලුම වර්ගයේ ජංගම දුරකථන සහ උපාංගවල මිල ඉහළ යා හැකි බවට සමස්ත ලංකා සන්නිවේදන හිමියන්ගේ සංගමය අනතුරු අඟවා තිබේ.වාර්ෂික පිරිවැටුම රුපියල් කෝටි 10 ඉක්මවන ආනයනකරුවන්, නිෂ්පාදකයින්, සේවා සපයන්නන්, තොග වෙළෙන්දන් සහ සිල්ලර වෙළෙන්දන් සඳහා සියයට 2.5ක බද්දක් පනවන බව එම සංගමය පවසයි. මිලියන 120 කි.

රජය විසින් සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද 2.5%ක් ලෙස ප්‍රකාශයට පත් කර ඇතත් භාණ්ඩය පාරිභෝගිකයා වෙත ළඟා වන විට එය 5%කට ආසන්න වන අතර එමඟින් ජංගම දුරකථන සහ උපාංගවල මිල ගණන් ඉහළ යනු ඇතැයි එහි සඳහන් වේ.

සමාජ ආරක්ෂණ දායක මුදල් අය කිරීමේ පනත් කෙටුම්පත සංශෝධන සහ වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී සම්මත වූ අතර එය 2022 ඔක්තෝබර් 01 දින සිට බලාත්මක වුණා. මෙම පනත් කෙටුම්පත 2022 අංක 25 දරන සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත ලෙස බලාත්මක වනු ඇත

2022 අයවැය මගින් කොවිඩ් 19 වසංගතයෙන් බැට කෑ රාජ්‍ය ආදායම ඉහළ නැංවීමට සහ ආර්ථිකය යළි ගොඩනැගීමේ පියවරක් ලෙස සමාජ ආරක්ෂණ දායක බද්ද හඳුන්වා දෙන ලදී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?