spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනයෙන් මගීන් දැඩි අපහසුතාවක

ඊයේ (09) මධ්‍යම රාත්‍රියෙන් ඇරඹුණු දුම් රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනය හේතුවෙන් මේ වනවිට දැඩි මගී අපහසුතාවක් සිදු ව ඇති බවට තොරතුරු වාර්තා වනවා.

තම වෘත්තීය ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම් රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය මෙම වැඩ වර්ජනය ආරම්භ කළා.

මෙම වර්ජනය හේතුවෙන් කාර්යාල දුම්රිය රැසක් අවලංගු වී තිබෙන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.

කෙසේ වෙතත් කොටුවේ සිට මීගමුවට සහ වේයන්ගොඩට දුම්රිය දෙක බැගින් ධාවනය කිරීමට පියවර ගෙන ඇති අතර පොල්ගහවෙල සිට කොටුවට දුම්රිය 02ක් ද, ගාල්ල සිට කොටුවට දුම්රිය 03ක් ද , අලුත්ගම සිට එක් දුම්රියක් ද, කොළඹ කොටුව දක්වා ධාවන කිරීමට පියවර ගෙන ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේ.

වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් අද (10) දිනයේ දී දුම්රිය වාර ප්‍රවේශපත්‍ර හිමි මගීන්ට එම වාර ප්‍රවේශපත්‍රය උපයෝගී කරගනිමින් ලංකා ගමනාගමන මණ්ඩලට අයත් බස් රථවලින් ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමට හැකි බව ප්‍රවාහන අමාත්‍යංශය නිවේදනය කරනවා.

මේ අතර දුම්රිය සේවා ඇතුළු පොදු ප්‍රවාහනය අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කර ඇති බැවින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය දියත් කර ඇති වැඩවර්ජනය නීතිවිරෝධී වන අතර සේවයට වාර්තා නොකරන අයට එරෙහි ව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා දැනුම් දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දසත සවස 6.25 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - DASATHA NEWS 6.25 PM LIVE | 2024-07-17 | Dasatha News
00:00
Video thumbnail
බේරුවලට ගිය අනුර රනිල්ගේ රෙදි ගලවයි - "රනිල් ඉන්න දින 75ට කෝටි 875ක් මොකටද?" #AKD #npp
07:06
Video thumbnail
නාමල් ඉණට අත්දෙක තියන් බලාසිටි හැටි #Namal #mahindarajapaksa
01:40
Video thumbnail
දසත සවස 6.25 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය Supreme තුළින් බලාපොරොත්තු වන්න…
00:45
Video thumbnail
ජනාධිපතිවරණය ගැන රටම බලාසිටි සුබ ආරංචිය මෙන්න
01:39
Video thumbnail
කළ පව් මදිවට අපාගත වෙන්න හදන මිනිස්සු #Upasampadaattack
02:47
Video thumbnail
මාර්ගය ගිලා බැස්ස නිසා කන්ටේනර් රථයක් උඩුයටිකුරු වී සිදුවූ මහා අනතුර මෙන්න...
01:11
Video thumbnail
පරිත්‍යාග මුදල සජිත් කියනකොටම කට්ටියගෙන් හෝ... ගාලා අත්පුඩියක්...#sajithpremadasa
28:31
Video thumbnail
ශෝටක් ඇඳගෙන රෝයල් ගිය සුපිරි ක්‍රිකට් තරුව #michaelclarke #australia
01:44
Video thumbnail
ජනපතිවරණයට එන තවත් අපේක්ෂකයෙක් මෙන්න...
07:21

?