Fly high Get bonus Aviator Phone

දුම්රිය ස්ථානාධිපතිවරුන් තවත් සේවා රැසකින් ඉවත් වෙති

දුම්රිය ස්ථානාධිපතිවරු තවත් සේවා කීපයකින් ඉවත් වීමට තීරණය කළ බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර මහතා පවසයි.

ඒ අනුව තෙල් ප්‍රවාහනය, ප්‍රීමා ප්‍රවාහන සහ හොල්සිම් ආයතනය සඳහා හුණුගල් ප්‍රවාහනය යන සේවාවාරවලින් ඉවත්වීමට තීරණය කළ බවත් ඒත් සමගම බණ්ඩාරනායක ගුවන්තොටුපල වෙත ඉන්ධන ප්‍රවාහනයද මීට සමගාමීව නතර වන බවත් ලේකම්වරයා කීය.

එමෙන්ම කණිෂ්ඨ සේවක හිඟය හේතුවෙන් මෙතෙක් ඉතාමත් අපහසුවෙන් ක්‍රියාත්මක කරගෙන යනු ලැබූ නවාතැන් බංගලා සහයක සේවාවාර සහ රියදුරු නියාමක ගමන් මළු සේවාවාරවලින් කාර්‍යමණ්ඩල ඉවත් කරගැනීමට කටයුතු කරනු ලැබූ බවත් දුම්රිය ස්ථාන හරහා වෙන්කරනු ලබන දුම්රිය විවේක කාමර හා නිවාඩු නිකේතන වෙන්කිරීම් කටයුතුද ඊයෙ දින සිට අත්හිටුවීමට කටයුතු කළ බවද ලේකම්වරයා පැවසීය.

දුම්රිය ස්ථානාධිපති සංගමය තම වෘත්තීය ක්‍රියාමාර්ගය මගීන්ට අපහසුතාවයක් නොවන අන්දමින් ක්‍රියාත්මක කිරීමට තීරණය ඇති බව කී ලේකම්වරයා මෙම ක්‍රියාමාර්ගය හරහා දෙපාර්තමේන්තුවට වන අලාභය හා රජයට සිදුවන අපකීර්තියේ වගකීම සෘජුවම දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා භාරගත බවද සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?