දුම්රිය සංගම් කිහිපයක් හෙට වර්ජනයට නැහැ

හෙට (15) දිනයේ පැවැත්වෙන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට දුම්රිය සංගම් කිහිපයක් එක් නොවන බව වාර්තා වනවා.

ඒ, අනුව දුම්රිය නියාමක සංගමය, ස්ථානාධිපති සංගමය සහ දුම්රිය පාලකවරුන්ගේ සංගමය ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් මෙම වර්ජනය සඳහා එක් නොවීමටයි තීරණය කර ඇත්තේ.

මේ අතර දුම්රිය වෘත්තීය සමිති කිහිපයක අද (14) දිනයේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව හෙට (15) පැවැත්වෙන වර්ජනයට සහාය දක්වන බව දුම්රිය රියදුරන්ගේ වෘත්තිය සමිතිය දැනුම් දී ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්.ඒ.ඩී.එස්. ගුණසිංහ සඳහන් කළා.

මේ අතර වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා දුම්රිය සේවයේ සියලු කාර්යමණ්ඩලවල නිවාඩු අද (14) සිට අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගත්තා.

මේ අතර මෙම වර්ජනයට පෞද්ගලික බස්රථ කිසිඳු ආකාරයේ සහයෝගයක් ලබා නොදෙන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ද සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
1
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?