spot_imgspot_img

දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩාවැටී වෙරළබඩ දුම්රියට බාධා

වෙරළබඩ දුම්රිය මාර්ගයේ බේරුවල සහ පායාගල දුම්රිය ස්ථාන අතර මාගල්කන්ද ප්‍රදේශයේදී දුම්රිය මාර්ගයට පස්කන්ඳක් ඊයේ (6) රාත්‍රී කඩාවැටීම නිසා දුම්රිය දෙකක් පයාගල දුම්රිය ස්ථානයෙන් ධාවනය අත්හිටුවීමට සිදුවූ බව වාර්තා වනවා.නමුත් මේ වනවිට එම මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්කර ඇති බව වාර්තා වන්නේ

රාත්‍රී 9.25 ට පමණ විශාල පස් කන්ඳක් දුම්රිය මාර්ගයට කඩාවැවී ඇති අතර කොළඹ කොටුවෙන් ඊයේ රාත්‍රී 7.30 ට පිටත්වූ ගාල්ල තැපැල් දුම්රිය සහ කොළඹ කොටුවෙන් රාත්‍රී 7.50 ට අලුත්ගම බලා පිටත්වූ මන්දගාමී දුම්රිය මෙසේ පයාගල දුම්රිය ස්ථානයේ නතර කිරිමට සිදුව ඇත.

දුම්රිය මාර්ගයේ පස් ඉවත් කිරීම ඊයේ රාත්‍රීයේ ආරම්භ කළ බවත් අද (7) පෙරවරුව වන විට මාර්ගය යථා තත්වයට පත්කළ හැකිවනු ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?