දුම්රියේ බිළිඳා දමා ගිය තරුණ මව් පිය යුවළ යළි රිමාන්ඩ්

කොළඹ සිට මඩකලපුව දක්වා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය වැසිකිළියක කුඩා බිළිඳෙකු දමා යාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මව සහ පියා ලබන 17 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ ඔවුන් අද කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.

මෙම යුවළ සහ ඔවුන්ගේ දෙමව්පියන් බිළිඳා භාර ගැනීමට කැමැත්ත පළකර ඇති අතර කොන්දේසි යටතේ ඔවුන් ඇප මත නිදහස් කරන ලෙසට නීතිඥවරුන් ඉල්ලා සිටි අතර අධිකරණය එය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
10
අවුල් වගේ !
3
හරි හිනා !
2
හම්මෝ !
4
මාර දුකයි !
12
මලපනිනව !
4
කුජීතයි !
5
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?