දුම්රියේ ගිය කාන්තාවකට සෙරෙප්පුවෙන් ගැසූ සැකකරු රිමාන්ඩ්

උඩරට මැණිකේ දුම්රියේ ගමන්ගත් විදෙස් කාන්තාවකට සෙරෙප්පුවකින් පහරදීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් සැකකරු ලබන මාර්තු මස 8 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඔහු අද බණ්ඩාරවෙළ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය ලබාදී ඇත්තේ.

බණ්ඩාරවෙළ වලස්බැද්ද ප්‍රදේශයේ පදිංචි එක්දරු පියෙකු වන සැකකරු කොළඹ සිට ධාවනය වෙමින් තිබූ උඩරට මැණිකේ දුම්රියේ ඇල්ල දක්වා ගමන් කරමින් සිටි තායිලන්ත කාන්තාවකගේ හිසට සෙරෙප්පුවකින් පහර දී තිබුණේ පසුගිය 21 වනදායි.

දුම්රිය මාර්ගය අයිනේ සිටි සැකකරු 21 දින සවස 5.30ට පමණ සෙරෙප්පුවකින් පහර දෙන අයුරු දුම්රියේම ගිය පුද්ගලයෙකු වීඩියෝ ගත කර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමෙන් පසු එය බණ්ඩාරවෙළ ප්‍රදේශයේ සිදුවීමක් බවට දැනගත් පොලිසිය පරීක්ෂණ පවත්වා සැකකරු අත් අඩංගුවට ගෙන තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
8
අවුල් වගේ !
0
හරි හිනා !
2
හම්මෝ !
0
මාර දුකයි !
1
මලපනිනව !
1
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?