spot_imgspot_img

දුම්රියේ ගැටී විදුහල්පතිවරයෙක් ජිවිතක්ෂයට

රදැල්ල සහ ග්‍රේට් වෙස්ටන් දුම්රිය ස්ථාන දෙක අතර දී බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වූ විශේෂ දුම්රියක ගැටීමෙන් විදුහල්පතිවරයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඊයේ (11) පස්වරු 3.30ට පමණ මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ නානුඔය දෙමළ විද්‍යාලයේ විදුහල්පතිවරයා වන 52 හැවිරිදි අයෙක්.

පාසල් නිවාඩුවෙන් පසුව අධ්‍යාපන කටයුතු සඳහා පාසල විවෘත කිරීම පෙර පාසලේ ශ්‍රමදානයක් පවත්වා විදුහල්පතිවරයා තමන් පදිංචි නානුඔය කල්කාන්ති වත්තට සුපුරුදු පරිදි දුම්රිය මාර්ගය ඔස්සේ ගමන් කරමින් සිටියදී මෙලෙස දුම්රියේ ගැටී ජිවිතක්ෂයට පත් වී තිබෙනවා.

එම අනතුර දුම්රිය රියදුරන් දැක නොමැති අතර ඔවුන් දුම්රිය නොනවත්වා ඉදිරියට ධාවනය කර තිබෙනවා.

පසුව දුම්රියේ ආරක්ෂක අංශ නිලධාරියෙකු සිදුවීම දැක ඒ සම්බන්ධයෙන් නානුඔය දුම්රිය ස්ථානයට දැනුම් දීමෙන් අනතුරුවයි නානුඔය දුම්රිය ස්ථාන නිලධාරින් සහ පොලිසිය එක්ව විදුහල්පතිවරයාගේ සිරුර නානුඔය දුම්රිය ස්ථානය වෙත රැගෙනවිත් ඇත්තේ.

මළ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණය වෛද්‍යවරයා වෙත යොමු කර තිබෙනවා.

අප වාර්තාකරුවන් සඳහන් කළේ දුම්රියේ ගැටී මියගිය විදුහල්පතිවරයාගේ සිරුර දුම්රිය මාර්ගයෙන් ඉවත් කර ගන්නා තෙක් කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වු විශේෂ දුම්රිය ග්‍රේට් වෙස්ටර්න් දුම්රිය ස්ථානයේ පැය භාගයක් සහ කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රිය වටගොඩ දුම්රිය ස්ථානයේ පැය තුන හමාරක් මෙන්ම බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය මගී ප්‍රවාහන දුම්රිය නානුඔය දුම්රිය ස්ථානයේ පැය කිහිපයක් ද නතර කර තැබූ බවයි.

මේ හේතුවෙන් එම දුම්රියවලින් ගමන් ගත් මගීන් ද දැඩි පීඩාවට පත්ව සිටි බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
5
+1
2
+1
1
+1
46
+1
7
+1
9
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?