මරදාන සිට හික්කඩුව දක්වා ගමන් කරන ලද හික්කඩුව දුම්රියේ අද සවස 6.30 ට පමණ අලුත්ගම ගනේගම දුම්රිය හරස් මාර්ගය හරහා පාපැදියකින් ගමන් ගත් පුද්ගලයෙකු එම දුම්රියේ ගැටී ජීවිතක්ෂයට පත්ව ඇතැයි අලුත්ගම පොලිසිය පවසනවා.
දුම්රියේ ගැටුණු පුද්ගලයා පිළිබඳ තොරතුරු මෙතෙක් අනාවරණය වී නැති අතර සිද්ධිය සම්බන්ධයෙන් අලුත්ගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.
ඒ හේතුවෙන් දුම්රියේ ගමන් ගත් මගීන් දුම්රිය ප්රමාදය නිසා පීඩාවකට ලක් වූ අතර දුම්රිය පැය භාගයකට ආසන්න කාලයක් ,අලුත්ගම දුම්රිය ස්ථානයට නුදුරින් නවත්වා තිබිණි .
සිද්ධිය පිළිබඳ අලුත්ගම පොලිසිය පරීක්ෂණ සිදුකරයි .
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
+1
+1
2
+1
1
+1