හිටපු ජනපති මෙෙත්‍රිපාල සිරිසේන මහතාගේ සංකල්පයකට අනුව රුපියල් ලක්ෂ 50ක පැළ පොළොන්නරුව දිස්ත්‍රික්කය පුරා බෙදා දීමේ වැඩසටහනේ සමාරම්භක උත්සවය චීන තානාපතිගේ ප්‍රධානත්වයෙන් අද දින (23) තමන්කඩුව ප්‍රදේශිය ලේකම් කොට්ඨාශයේ සිංහඋදාගම වසමෙි මාඔය ගම්මානයේ දී පැවැත්විණි.
පවුල් 300ක් සදහා පැළ බෙදා දීම අද දින සිදුවිය.මෙසේ පැළ තිස්දාහක් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිළිඳු පවුල් සදහා බෙදා දිමට නියමිතව තිබෙි.
එම අවස්ථාවට චීන තානපකි කාර්යාලයේ නිලදාරින් සහ චීන තානාපතිගේ බිරිද ද සහභාගි විය.
අද බෙදා දුන් පැළ වන්නේ පොල් පැළ 300, අඹ පැළ 300 හා කොස් පැළ 300 කි.මෙම පැළ වසර 5කින් ඵල හටගන්නා පැළ වේ.
මෙම පැල සදහා සම්පුර්ණ මුල්‍ය දායකත්වය චීන රජයෙන් ලබා දෙන අතර රුපියල් ලක්ෂ 50 ක පැල පොළොන්නරුව දිස්ත්‍රික්කය පුරා ඉදිරියේදී ලබා දීමට නියමිතයි.
පිටව යාමෙිදි මාධ්‍යවෙිදින් ඇසූ ප්‍රශ්නවලටද පිලිතුරු දිමට හිටපු ජනපති කටයුතු කලේය.
එහිදි ව්‍යවස්ථා සංශෝධනය සහ රටෙි භාණ්ඩවල මිල අඩුනොවිම නිසා ජනතාව දැඩිඅපහසුතාවයට පත්ව සිටින බව ඔහු සඳහන් කල අතර තවදුරත් ඔහු සඳහන් කලේ තම රජය සමයේ ජාත්‍යන්තරය තමන්ට හිතවත්ව කටයුතු කල අතර තමන්ගේ පාලන කාලයේ රටෙි ජනතාවට අවශ්‍ය දේ කරදරයකින් තොරව ලබාගැනිමට හැකියාව තිබු බවත්, 19 ව්‍යවස්ථාව ගැනද අවසානයේ දී එතුමා අදහස් පල කලේය.