දිවි ඇති විට දිවි තොර කර ඉඩමක් විකුණලා (ඡායාරූප)

ජීවත්ව සිටියදී තමන් මියගිය බවට සහෝදරයා විසින් මරණ සහතිකයක් ලබාගනිමින් මවගේ මරණයෙන් පසු තමන්ට උරුම වූ අක්කර දෙකහමාරකින් යුතු වාරි ඉඩම වෙනත් පාර්ශවයකට ලබාගැනීමට කටයුතු කිරීමෙන් තමන්ට කන්න දෙකකට ආසන්න කාලයක් වී වගා කිරීමට නොහැකිව දැඩි අසීරුතාවට පත්ව ඇති බව දිඹුලාගල දලුකාන ගම්මානයේ ආදිවාසි 40 වියති ආදිවාසි සිව්දරු මවක් පැවසුවා.

තම මවට ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ 1987.01.12 දින නිකුත් කර තිබෙන අවසර පත්‍රයේ පසු උරුම තීරයේ තම නම සඳහන් වී තිබෙන බවත්, තමන් වසර කිහිපයක් වී වගා කෙරු බවත්, ඉන් අනතුරුව තම සහෝදරයා තමන් ජීවත්ව සිටියදී දිඹුලාගල හදිසි මරණ පරීක්ෂකයාගෙන් තමන් මියගිය බවට මරණ සහතිකයක් ලබාගෙන එය ශ්‍රී ලංකා මහවැලි අධිකාරි‍යට ඉදිරිපත් කර සහෝදරයා වෙනත් පාර්ශවකරුවන්ගෙන් මුදල් ලබාගෙන ඇතැම් නිලධාරින් සමඟ එක්ව වී විශාල වංචාවක් සිදුකිරීමෙන් තමන් දැඩි අසරණභාවයට පත්ව ඇති බවද එම මව වැඩිදුරටත් දන්වා සිටියා.

තමන්ට අක්කර දෙකහමාරක කුඹුර වගා කිරීම ශ්‍රි ලංකා මහවැලි අධිකාරියෙන් තහනම් කිරීමෙන් පසු ඒ පිළිබඳ සොයා බැලීමට මහවැලි අධිකාරියට ගියපසු තමන් නමින් සහෝදරයා මරණ සහතිකයක් ඉදිරිපත් කර ඇති බවට තොරතුරු දැන ගැනීමට හැකි වූ බවත්, ඒ අනුව දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් මරණ සහතිකයේ පිටපතක් ලබාගැනීමට ගියපසු තමා නමින් මරණයත් ලියාපදිංචි වී නොමැති බවටද ලිඛිතව ලබාගෙන තිබියදී තමන්ට මවගෙන් උරුම වූ අක්කර දෙකහමාරක කුඹුරු ඉඩම ලබානොදීම බරපතළ අසාධාරණයක් බවයි ඇය පවසන්නේ.

මේ පිළිබඳ තමන් මනම්පිටි‍ය පොලිස් ස්ථානයට පැමිණිල්ලක් සිදු කළ බවත්, මවගෙන් තමන්ට උරුම වූ අක්කර දෙකහමාරකින් යුත් කුඹුරු ඉඩම වගා කිරීමට නොහැකි වීමෙන් තමන් ඇතුළු දරුපවුල දැඩි ආහාර හිඟයකට මුහුණ පා ඇති බවත්, කන්න දෙකකට අධික කාලයක් කුඹුරු වගා කිරීමට නොහැකි වීමෙන් රටට සහල් සහ වී නිෂ්පාදනයක් අහිමිවෙන බවද ඇය සදහන් කළා.

මෙම අසාධාරණ සිද්ධිය පිළිබඳ මහවැලි බී කලාපීය නේවාසික ව්‍යාපාර කළමනාකාරවරයාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී සඳහන් කළේ, එම මරණ සහතිකය ව්‍යාජ සහතිකයක්ද නැද්ද යන්න තහවුරු කර ගැනීමට,වංචා විමර්ශන අංශයට පැමිණිල්ලක් යොමුකර ඊට රාජකාරිය කළ යුතු බවත්, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ඉඩම් අධ්‍යක්ෂවරයා එම ගැටලුව විසඳීමට මැදිහත් වූ බවත්, මරණ සහතිකය කූට ලේඛනයක් බවට සනාථ වුවහොත් ආදිවාසී මවට අදාළ කුඹුර ඉඩම ලබා දීමට හැකියාව පවතින බවත්ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
1
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
2
මලපනිනව !
3
කුජීතයි !
1

සතියේ පලවූ මෙවැනිම පුවත්

spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?