දිවයිනේ ප්‍රදේශ කිහිපයක සුළු භූ කම්පන තත්ත්වයක්

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සුළු භූ කම්පන තත්ත්වයන් වාර්තා වී තිබෙනවා.

ගෝමරන්කඩවල, කිරින්ද සහ ත්‍රිකුණාමල ප්‍රදේශවලට මෙම කම්පන දැනී ඇති බවයි භූ විද්‍යා හා පතල් කාර්යාංශය සඳහන් කළේ.

එම කම්පන තත්ත්වයන් රික්ටර් මාපකයේ ඒකක 3ක් ලෙසට සටහන් වී තිබෙනවා.

කිරින්ද ප්‍රදේශයෙන් වාර්තා වූ චලනය ඒකක 2.6ක අගයක් ගන්නා බවයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය කියාසිටියේ.

පසුගිය සති කිහිපය තුළ ද ශ්‍රී ලංකාවේ බුත්තල සහ වැල්ලවාය ප්‍රදේශ ආශ්‍රිතව සුළු කම්පන කිහිපයක් වාර්තා වුණා.

අසල්වැසි ඉන්දියාවේ සහ ඉන්දුනීසියාවේ ද නිතර භූ කම්පන ඇති වුව ද ශ්‍රී ලංකාවේ විශාල භූමිකම්පාවක් සිදු විය නොහැකි බැවින් සන්සුන්ව සිටින ලෙසටයි භූ විද්‍යාඥයින් සහ විශේෂඥයින් ජනතාවට උපදෙස් දී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
3
අවුල් වගේ !
3
හරි හිනා !
1
හම්මෝ !
0
මාර දුකයි !
18
මලපනිනව !
2
කුජීතයි !
3
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?