Empty Ad
AFC Banner
AFC Banner

දිය නෑමට ගිහින් කැළණි ගඟේ සැඟවුණු ජනිත් (වීඩියෝ)

නවගමුව – මාපිටිගම ⁣පාලම අසලින් කැළණි ගඟේ දිය නෑමට ගිය තරුණයින් සිව්දෙනෙකු අතරින් තිදෙනෙකු ඊයේ (31) සවස සැඩ පහරට ගසා ගෙන ගොස් තිබෙනවා.

එහිදී එක් තරුණයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති අතර, අනෙක් දෙදෙනාගේ දිවි ගලවා ගැනීමට හැකිව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

දියේ ගිලී මිය ගිය තරුණයාගේ මෘත ශරීරය අද (01) දින නාවික හමුදා කිමිදුම් ඒකකයේ නිළධාරීන් විසින් සොයාගත් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

කඩුවෙල ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවයේ නියතු මෙම තරුණයින් සිව්දෙනා ඊයේ සවස කැළණි ගඟේ දිය නාමින් සිටිය දී එක් තරුණයෙකු සැඩ පහරට හසුව ගසාගෙන ගොස් තිබෙනවා.

ඔහුව බේරාගැනීමට තවත් තරුණයින් දෙදෙනෙක් දියට පැන ඇති අතර, එහිදී ඔවුන් දෙදෙනා ද ගසාගෙන ගොස් ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

එහිදී අසල සිටි ප්‍රදේශවාසීන් විසින් තරුණයින් දෙදෙනෙකු බේරාගැනීමට හැකිව ඇති බවයි නවගමුව පොලිසිය සඳහන් කළේ.

දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නුවර, හබරගල ප්‍රදේශයේ පදිංචිව සිටි ජනිත් මහේන්ද්‍ර නැමැති 21 හැවිරිදි තරුණයෙක්.

https://youtu.be/rHzIbonX2UU
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තුව සජීවීව - 2024.01.22
02:05:51
Video thumbnail
දැන් කියනවා රනිල් දුන්න බාර් පර්මිට් කැන්සල් කරන්න බැයිලු - ආණ්ඩුවේ දෙබිඩි හෙළුව එළියට
02:22
Video thumbnail
මෙරට විවහා වයස් සීමාව වෙනස්වෙයි
01:32
Video thumbnail
මෙයාලා හිතන්නේ ජනතාව පුන්නක්කු කන ගොන්නු කියලා
14:14
Video thumbnail
ත්‍රී විල්වල මිදි වලු ටිකයි - බස්වල ලයිට් ටිකයි - ගැලෙව්වාම රටේ ප්‍රශ්න විසඳෙනව ද?
11:59
Video thumbnail
ගැලරිය පිනවන්න කතා කළාට - ජනතා අප්‍රසාදයට පත්වුණා ඒ කතාවෙන්
10:41
Video thumbnail
පොලීසියෙන් විශේෂ ප්‍රකාශයක්
03:57
Video thumbnail
වැඩේ මාට්ටු උනේ අවුරුද්දකට පස්සේ - අපොයි ඔයාලත් මේවා බිව්ව ද?
07:52
Video thumbnail
මහරජානෝට බැන්නට විමල්ටත් දුක හිතිලා - කයි පාලනයට සැර පිළිතුරු
09:27
Video thumbnail
රජය පොල් ගෙඩි මිලියන 20ක් ආනයනය කරයි ? පොල් කියන්නේ ඩොලර් උල්පතක්
14:51

?