දියවන්නාවේ ඔරුවක් පෙරළී අතුරුදන්ව සිටි පුද්ගලයාගේ සිරුර හමුවේ

දියවන්නා ඔයේ ඔරුවක් පෙරළීමෙන් පෙරේදා (25) රාත්‍රියේ දියේ ගිලී අතුරුදන් වූ පුද්ගලයාගේ සිරුර මේ වනවිට සොයාගෙන තිබෙනවා.

පසුගිය (25) වනදා රාත්‍රීයේ පුද්ගලයින් සිව්දෙනෙකු මසුන් ඇල්ලීම සඳහා ඔරුවකින් ගොස් ඇති අතර එහිදි ඔරුව පෙරළී ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එහිදී පුද්ගලයින් තිදෙනෙකු දිවිබේරාගෙන ඇති අතර, එක් අයෙක් දියේ ගිලී අතරුදන්ව ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

එලෙස දියේ ගිලීමෙන් අතුරුදන් වූ පුද්ගලයා සොයා නාවික හමුදා කිමිඳුම් අංශය සෝදිසි මෙහෙයුම් ආරම්භ කරනු ලැබුවේ ඉන් අනතුරුවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
4
මලපනිනව !
0
කුජීතයි !
1
spot_img
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?