දියණිය සමඟ යතුරුපැදියෙන් ගිය පියාට තියුණු ආයුධ ප්‍රහාරයක්

තම දියණිය සමඟ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයකුට මාතර – බ්‍රවුන්හීල් ප්‍රදේශයේ දී තියුණු ආයුධවලින් පහර දී බරපතළ තුවාල සිදුකර තිබෙනවා.

ඊයේ (09) පස්වරුවේ මෙම පහරදීම සිදුකර ඇති අතර, එම පුද්ගලයාගේ දකුණු අත ශරීරයෙන් වෙන් වී යන සේ කපාදමා ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස පහරකෑමට ලක්වූ පුද්ගලයා අමිල සුදීර නොහොත් ‘බොබි’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලැබූ අයෙක් වන අතර
ඔහු පුද්ගල ඝාතන සිද්ධියකට රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇප ලබා පැමිණ සිටි අයෙක් බවයි වාර්තා වන්නේ.

‘බොබි’ නමැති පුද්ගලයා විසින් 2021 වසරේ සැප්තැම්බර් මස 05 වන දින මාතර – රස්සන්දෙණිය ප්‍රදේශයේ දී ගඩොල් කැටයකින් පහර දී ඝාතනය කළ චලිත රංගන වීරසිංහ නමැති පුද්ගලයාගේ හිතවතුන් පිරිසක් මෝටර් රථයකින් ඊයේ පැමිණ තියුණු ආයුධවලින් මෙම පහරදීම සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පහරදීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් මාතර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඇප කොන්දේසි අනුව ‘බොබි’ නැමැත්තා මාතර පොලීසියට ගොස් අත්සන් කර නැවත තම දියණිය සමඟ නිවසට යමින් සිටියදී මෙම ප්‍රහාරයට ලක්ව තිබෙනවා.

ප්‍රහාරයෙන් බරපත තුවාල ලැබූ ඔහු ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඔ ජාතික රෝහල වෙත මාරුකර යවා ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිමාව බලය අල්ලපු නිසා නලින් බණ්ඩාරට ප්‍රෙෂර් වැඩිවෙයි
02:46
Video thumbnail
ජනපති සමාව සහ කුමන්ත්‍රණයක සේයාව - දසත කස්තිරම විශේෂ වැඩසටහන - සජීවීව
00:00
Video thumbnail
නීතිය අවභාවිතා කරලා තියෙන්නෙ - බන්ධනාගාරය් ඇතුලේ කරන් ගිය මාෆියාව මාට්ටු
09:16
Video thumbnail
අතුලට අයිති ලියුම අධිකරණයට ගියොත් ඔක්කොම සෙල්ලම් ඉවරයි
01:24
Video thumbnail
රටක්ම කළඹවන පුවත මෙන්න - වෙසක් දා අතුල කියලා කෙනෙක් හිරෙ හිටියේ නෑ
08:09
Video thumbnail
සුගීෂ්වර මහා පාර මැද පන්දමක් අරන් ඩෙගා නටයි
11:24
Video thumbnail
ව්‍රායි බොරුවට දැඟලුවට නගරාධිපති වෙන්නේ විපක්ෂයේ කෙනෙක්
03:11
Video thumbnail
අගමැති හරිනි ඉදිරිපිටNPP කොළඹ සෙට් එක විපක්ෂයට මීක් නැතිවෙන්නම දීපු දිවුරුම් දීම
12:10
Video thumbnail
කොල්ලො ෆයර් වෙයි - ඇමෙරිකානු තානාපති කාර්යාලය වටලයි
11:08
Video thumbnail
ආන්දෝලනාත්මක හඬපටයක් එක්ක හෙළිදරව්වක් මාධ්‍ය හමුව අතරතුර එළියට ආපු දේවල්
11:40


?