දියණියට නොමනා වැඩක් කළ පියා, වසර විස්සකට පසු මොණරාගල දී අත්අඩංගුවට

මොණරාගල මැදිරිය ප්‍රදේශයේ දී තම දියණිය දූෂණයකර වසර විස්සක පමණ කාලයක් සැඟව සිටි පියෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු සැඟව සිටින කාලය අතරතුර මේ සම්බන්ධ නඩුව මොණරාගල මහාධිකරණයේ විභාග වී ඇති අතර එම නඩුවේ තීන්දුව ලබා දෙමින් සැකකරුව වරදකරු බවට පත්කරමින් දඩුවම් නියම කිරීමට මොණරාගල මහ අධිකරණය කටයුතු කර තිබුණා.

එහිදී මෙම සැකකරු සියලු චෝදනාවලට වරදකරු කරමින් මහාධිකරණය මගින් දඩුවම් නියමකර ඇති අතර එහිදී සැකකාර පියාට එරෙහිව බරපතල වැඩ සහිත වසර විස්සක සිර දඩුවමක්, රුපියල් පනස් දහසක දඩයක්, එම දඩය නොගෙවන්නේනම් තවත් බරපතල වැඩ සහිත වසර විස්සක සිර දඬුවමක් නියම කර තිබෙනවා.

කෙසේ වෙතාත් සැකකරු වසර විස්සක පමණ කාලයක් සැඟව සිටීම නිසා පොලිසිය සැකකරු සොයා විශේෂ විමර්ශනයක් ආරම්භකර ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස මොණරාගල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් සැකකරු මතුරට ප්‍රදේශයේ සැඟව සිටියේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළා.

සැකකරු වයස අවුරුදු පනස් හයක පුද්ගලයෙක් වන අතර මෙලෙස අත්අඩංගුවට ගැනීමෙන් පසු සැකකරු මොණරාගල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
4
+1
16
+1
1
+1
1
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට වඩා එහා ගිය හොරකමක් මේ ආණ්ඩුව කරනවා
08:59
Video thumbnail
භාණ්ඩාගාරයේ තියෙන Unlimited සල්ලිවලින්ද සහන දෙන්නේ..එකෙක් ත්‍රිකුණාමලයේ ගිහින් මල්වතු ඔය හොයනවා
15:07
Video thumbnail
සීලරතන හිමි වෛද්‍ය බෙල්ලෙනව හම්බවෙන්න එයි..දිලීත් රටටම කියන්න ඇන්ටිජන් එකට වගකියන්න ඕනේ කවුද කියලා
05:34
Video thumbnail
මුජිබුර්ට රතු කට්ට පනී - මුළු ලංකාවේම කුණු අයින් කරලා නෑ
03:48
Video thumbnail
විමල් ආණ්ඩුව හොඳවයින් අමතයි
08:14
Video thumbnail
ඇප ලැබුණ C.B. එළියට එද්දි උසාවිය ඉදිරියේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
උගන්ඩා කුමාරිහාමි දැන් නාමල් හොඳයිද..? කොට්ටහච්චි නාමල් එකතුවෙලා ජනපතිව එලවීමේ කුමන්ත්‍රණයක්
11:18
Video thumbnail
ඇප ලැබුණ C.B. එළියට එද්දි උසාවිය ඉදිරියේ උණුසුම් තත්ත්වයක්..මිනිස්සු සී.බීට දණග#ලා වදියි
02:07
Video thumbnail
අපේ ආරක්ෂාව තහවුරු කරන්න - මුජිබුර්ගෙන් පැමිණිල්ලක්
05:56
Video thumbnail
මේ දවස්වල ව්‍යාජ නෝට්ටු රට පුරා සැරිසරණවා..?..ළඟ තියා ගත්තොත් බරපතළ වැඩ සමඟ වසර 20ක සිර දඬුවම්
03:44


?