Fly high Get bonus Aviator Phone

දින 100ක් ගතවන විට ආසාදිතයින් මිලියනයක් – ඉදිරි සති දෙක තීරණාත්මකයි GMOA අනතුරු අඟවයි

රෝගීන් වාර්තා වීම සැළකීමේදී දින 100ක් ගතවන විට කොරෝනා ආසාදිතයින් මිලියනය ඉක්මවා යා හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා.

මේ අතර, අඛණ්ඩව 2000සේ සීමාව ඉක්මවා කොරෝනා ආසාදිතයින් 09 වන දිනටත් ඊයේ (17) වාර්තා වූ අතර වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වන 254 දෙනා වාර්තා වූයේ මුලතිව් – පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයෙන්.

ඊයේ (17) දිනයේ ආසාදිතයින් 2456ක් මෙරටින් වාර්තාවීමත් සමඟ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව එක්ලක්ෂ 45,202ක් දක්වා ඉහළ ගියා.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 677ක් වාර්තා වී ඇති අතර, ඉන් වැඩිම පිරිස වන 136 දෙනෙකු බියගම ප්‍රදේශයෙන් වාර්තා වුණා. එමෙන්ම, නිට්ටඹුව ප්‍රදේශයෙන් 83 දෙනෙකු, කඩවතින් 72 කු අලුතින් සොයාගැනුනා.

ඊයේ දිනයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයින් 320 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

ගල්කිස්ස ප්‍රදේශයෙන් ආසාදිතයින් 52ක්, බොරලැස්ගමුවෙන් ආසාදිතයින් 25 දෙනෙකුත් වාර්තා වී තිබෙනවා.

මීට අමතරව කළුතර දිස්ත්‍රික්කයින් ආසාදිතයින් 315ක් සහ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 259ක් ඊයේ අලුතින් සොයාගැනුනා.

මුලතිව් – පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයෙන් වාර්තාවූ ආසාදිතයන්ගෙන් බහුතරයක් ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්තශාලාවක සේවක සේවිකාවන් බවයි මුලතිව් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ.

ඊයේ දිනයේදීත් මෙරටින් මරණ 19ක් වාර්තා වූ අතර, මරණ 13කටම හේතු වී ඇත්තේ කොවිඩ් නියුමෝනියා තත්ත්වයයි.

කොරෝනා ආසාදිතව කන්තලේ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. තුරෙයිරත්නසිංහම් ජීවිතක්ෂයට පත්වුණා.  

මිය යන විට ඔහු 80 හැවිරිදි වියේ පසුවුණා.  

මේ අතර, හුදෙකලා කර ඇති ප්‍රදේශවල ඇඟලුම් කර්මාන්තශාලා පවත්වාගෙන යාම සඳහා ඒවාට සේවකයින් ප්‍රවාහනය කිරීම දැඩි සෞඛ්‍ය තර්ජනයක් වී ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ කියා සිටියේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා ද කොළඹ දී මාධ්‍ය හමුවක් කැදවමින් සදහන් කළේ ඉදිරි සති දෙක තීරණාත්මක බැවින් ජනතාව හැකිතාක් සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් ක්‍රියා කළ යුතු බවටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට සල්ලි දෙන්න අපිට පිස්සුද කියන්නකෝ - බිමල් කැට තියලා කියන කතාව
05:55
Video thumbnail
දොඩංගොඩ ප්‍රදේශයෙන් වෙ# පත්තුවෙයි - කකුලෙන් පහළට පොලිසිය බලය පෙන්වයි
03:15
Video thumbnail
පක්ෂ ලේකම්වරු හදිසියේ හෝටලයක රැස්වෙයි - මොනවද මේ කියන කතා
03:36
Video thumbnail
ඉස්සර ලොකු ලොක්කෝ පැදපු සුඛෝපභෝගී වාහන උණු කැවුම් වගේ වෙන්දේසි වුණු හැටි
03:30
Video thumbnail
ජනාධිපති මොනවා කිව්වත් විපක්ෂය ගේමට බැහැලා ඉන්නේ - මෙන්න වෙන්න යන දේ
03:40
Video thumbnail
සමන් රත්නප්‍රිය ආණ්ඩුවට දෙසන හැටි
05:29
Video thumbnail
සජිත් මාධ්‍ය හැර යද්දී -මරික්කාර් කොටුවෙයි - මෙන්න සැරටම කියපු දේවල්
02:56
Video thumbnail
ජනාධිපතිට එරෙහිව කළ ආන්දෝලනාත්මක කතාව නිසා තුසිත හල්ලොලුව CID වෙත කැඳවයි
02:15
Video thumbnail
ඊයේ ජනාධිපතිතුමාගේ කතාව ලෙෆ්ට් වෙන්න මුජිබුර් කරපු කතාව
07:47
Video thumbnail
තිස්ස විහාරය ඉස්සරහ ඩෙගා නටනවා - විමල් රටම හෙල්ලිලා යන කතාවක් කියයි
15:10

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?