දින 10ක් තුලදී උතුරේ වෙරලට ගොඩගැසූ මළ සිරුරූ හයක්

උතුරු පළාතේ වෙරළ තීරයන්ට පසුගිය දින 10 ක ඇතුළත කාලය තුළ ගොඩගැසු මළ සිරුරු 06ක් තවමත් හදුනා ගැනීමට නොහැකි වි ඇති බව මළ සිරුරු හමුවු පොලිස් බල ප්‍රදේශයන්හි පොලිස් ස්ථාන පවසනවා.

යාපනය, පේදුරුතුඩුව පොලිස් බල ප්‍රදේශයේ වෙරළ වෙත මළ සිරුරු දෙකක්, මරුදන්කේනි පොලිස් බල ප්‍රදේශයේ වෙරළට මළ සිරුරක්, වැල්වැටිතුරෙයි පොලිස් බල ප්‍රදේශයේ වෙරළට මළ සිරුරක්, කයිට්ස් පොලිස් බල ප්‍රදේශයේ වෙරළට මළ සිරුරක්, ඩෙල්ෆ් පොලිස් බල ප්‍රදේශයේ වෙරළට මළ සිරුරක් ලෙසට මළ සිරුරු හයක් වෙරළට ගොඩගසා තිබෙනවා.

අදාළ මළ සිරුරු මේ දක්වා හදුනාගැනීමට නොහැකි වි ඇති අතර, මළ සිරුරු යාපනය හා පේදුරුතුඩුව රෝහල් මෘත ශරීරාගාරවල තැන්පත් කොට ඇත.

යාපනය ආරක්ෂක අංශ පැවසූවේ කිසියම් බෝට්ටු අනතුරකින් ජිවිතක්ෂයට පත්වු පිරිසකගේ මළ සිරුරු එලෙස හමුවන්නට ඇති බවට සැකයක් පවතින බවයි.

හමුවු මළ සිරුරු දින ගණනාවක් මුහුදේ පාවීමෙන් අනතුරුව වෙරළට ගොඩ ගසා තිබීම හේතුවෙන් මළ සිරුරු නරක් වි පැවති බවද පොලිසිය සඳහන් කර සිටියා.

සිද්ධීන් සම්බන්ධයෙන් පේදුරුතුඩුව, වැල්වැටිතුරෙයි, මරුදන්කේනි, කයිට්ස් හා ඩෙල්ෆ් පොලිස් ස්ථාන වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?