Empty Ad
AFC Banner
Empty Ad

“දිගුකාලීන ණය තිරසාරභාවය සඳහා ශ්‍රී ලංකාවට ආයතනික වෙනස්කම් අවශ්‍යයි” – රොනල්ඩ් රේගන්ගේ ආර්ථික උපදේශක

දිගු කාලීන ණය තිරසාරභාවය ළඟා කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට ආයතනික ප්‍රතිසංස්කරණ අවශ්‍ය බව එක්සත් ජනපද හිටපු ජනාධිපති රොනල්ඩ් රේගන්ගේ ආර්ථික උපදේශක ස්ටීව් හැන්කේ පවසනවා.

ආර්ජන්ටිනාව සහ මොන්ටිනිග්‍රෝ වැනි නැඟී එන වෙලඳපොලවල නව මුදල් තන්ත්‍ර පිහිටුවීමේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ හැන්කේ පවසන්නේ ශ්‍රී ලංකාව දශක කිහිපයකින් එහි දරුණුතම මූල්‍ය අර්බුදය සමඟ පොරබදමින් සිටින මොහොතේ
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල එකඟ වූ ඩොලර් බිලියන 2.9 ක ණය මුදල නිකුත් කිරීම අවශ්‍ය බවයි.

එසේම ශ්‍රී ලංකාව එකඟ වී ඇති ආයතනික ප්‍රතිසංස්කරණ කඩිනමින් සිදුකළ යුතුව ඇති බවත් ඔහු පෙන්වා දෙනවා.

“ඔබ රටවල් පාලනය කරන ආයතන සහ ක්‍රීඩාවේ නීති වෙනස් නොකරන්නේ නම්, ඒවා සැමවිටම පවතිනු ඇත.ඔවුන් දිගු කලක් තිස්සේ පැවති තත්වයෙහිම පවතිනු ඇත” යනුවෙන් ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය හන්කේ CNBC පුවත් සේවය සමග අදහස් දක්වමින් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?