දෑත් කපා රැගෙන ගිය සැකකරු භාරවෙයි

මොරටුව – දෙල්ගහවත්ත ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකුගේ දෑත් කපා රැගෙන පලාගිය සැකකරු අද (24) උදෑසන මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී තිබෙනවා.

නීතීඥවරයෙකු මාර්ගයෙන් මොහු මෙලෙස භාරවූ බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරු නීතීඥවරයෙකු අතින් අල්ලාගෙන අල්ලා ගෙන අධිකරණයට භාර කිරීම සඳහා රැගෙන ගිය බව මොරටුව පොලිසිය ප්‍රකාශ කළා.

සැකකරු කොරලවැල්ල ප්‍රදේශයේ වයස අවුරුදු 40ක පුද්ගලයෙක්.

මෙම පුද්ගලයා පසුගිය 21 වනදා රාත්‍රියේ තියුණු ආයුධයකින් පහරදී තිබුණේ 40 හැවිරිදි විදුලි කාර්මික අංශයේ රැකියා කරන පුද්ගලයෙකුටයි.

කඩුවක් රැගෙන යතුරු පැදියකින් පැමිණ තිබූ සැකකරු දෙල්ගහවත්ත හන්දිය ප්‍රදේශයේ රැඳී සිටි පුද්ගලයෙකු පසුපස හඹා යමින් කඩුවෙන් පහර දීම හේතුවෙන් මැණික් කටුව අසලින් අත් දෙක වෙන් වී තිබුණා.

වෙන් වූ අතේ කොටස් ඇඳ සිටි කමිසයේ දමාගෙන සැකකරු පළා ගොස් තිබූ බවටයි අනාවරණ වුයේ.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මොරටුව පොලිසියේ කණ්ඩායම් කීපයක් සහ තවත් විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා තිබුණා.

අද පෙරවරුවේ සැකකරු සිය වාහනයෙන් රැගෙන ආ නීතිඥවරයා සැකකරුගේ අතින් අල්ලාගෙන අධිකරණය තුළට යාම හේතුවෙන් ඔහු අත්අඩංගුවට අත්අඩංගුවට ගැනීමට එහි සිටි පොලිස් නිලධාරීන්ට නොහැකි වී ඇති බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?