දෑත් කපා රැගෙන ගිය පුද්ගලයා රක්ෂිත බන්ධනාගාරයට

මොරටුව, කොරළවැල්ල ප්‍රදේශයේ දී පුද්ගලයෙකුගේ දෑත් කපා රැගෙන ගිය සැකකරු ලබන මස 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය අද (26) නියෝග කර තිබෙනවා.

ඒ, සැකකරු මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

සැකකරු සමඟ සැකකරුට රැකවරණය ලබාදුන් පුද්ගලයෙකු අද දිනයේ අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු ද රක්ෂිත බන්ධාගාර ගත කිරීමටයි නියෝග කළේ.

එම පුද්ගලයා මොරටුව, කොරළවැල්ල ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි වියේ පසුවූ අයෙක්.

මේ අතර අපරාධය සඳහා සැකකරු භාවිත කළ බව කියන කඩුව අද (26) දින එගොඩඋයන, මෝසස් පාරේ මුහුදේ ගල් අතර තිබිය දී ගල්කිස්ස අපරාධ කොට්ඨාසය විසින් සොයා ගත්තා.

සැකකරු විසින් කපා රැගෙන ගිය දෑත් කොටස් කඩුව සොයාගත් ස්ථානයෙන් මුහුදට විසි කළ බවයි ඔහු පොලිසිය හමුවේ පවසා ඇත්තේ.

සැකකරු විසින් පසුගිය 21 වනදා ඇති වූ පෞද්ගලික ආරවුලකින් පසු පළිගැනීම සඳහා මෙම අපරාධය සිදුකර ඇති බවයි අනාවරණය වුණේ.

අදාළ පහරදීම සිදුකළ පුද්ගලයා පසුගිය මාර්තු 24 වනදා නීතිඥයෙකු මාර්ගයෙන් මොරටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත භාර වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?