Fly high Get bonus Aviator Phone

දැරිය කෙලෙසූ මාමා, මවගේ පැමිණිල්ලට අත්අඩංගුවට

වයස අවුරුදු 11ක බාලවයස්කාර දැරියකට බරපතල ලිංගික අතවරයක් සිදුකළ බව කියන සැකකරුවෙකුව කරුවලගස්වැව පොලීසිය විසින් ඊයේ (01) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තබ්බෝව, 07 කණුව ප්‍රදේශයේ පදිංචිකරුවක් බවයි පොලීසිය පැවසුවේ.

සැකකරු අතවරයට ලක්ව ඇති දැරිවියගේ ඥාති මාමා කෙනෙක් බවට ද තොරතුරු අනාවරණය වී තිබෙනවා.

මීට මාසකට පමණ පෙර දිනයක නිවසේ කිසිවෙකු නොමැති අවස්ථාවක සැකකරු විසින් දැරියට ලිංගික අතවරයක් සිදුකර ඇති බවට ඇයගේ මව විසින් කරුවලගස්වැව පොලීසියට පැමිණිල්ලක් කර තිබෙනවා.

එම පැමිණිල්ලට අනුවයි සැකකරු ඊයේ (01) දින මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අතවරයට ලක්ව ඇති දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, සැකකරු පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?