දැරියක් සියදිවි හානි කරගැනීමේ සිදුවීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක් (වීඩියෝ)

කොළඹ පාසලක 10 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවියක් සියදිවි හානි කරගැනීමට අදාළ සිද්ධියට චෝදනා එල්ල වී ඇති ගුරුවරයාට ස්ථාන මාරුවීමක් ලබා දී ඇති බව වාර්තා වනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවයි අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම්දෙන්නේ.

සිද්ධියට අදාළ පොලිස් විමර්ශන වාර්තාව කැඳවා ඇති අතර එය ලද වහා ම අවශ්‍ය විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය වැඩිදුරටත් පවසන්නේ.

මේ අතර, මියගිය දැරියගේ ඥාතීන් ඇතුළු පිරිසක් පැමිණ සාධාරණයක් ඉල්ලා මේ වනවිට (08) එම පාසල අසල විරෝධයක ද නිරත වනවා.

මේ හේතුවෙන් කොළඹ, ඩුප්ලිකේෂන් මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇතැයි අප වාර්තාකරු පැවසුවා.

මියගිය දරුවා අදාළ පාසලේ ගුරුවරයෙකු විසින් අපයෝජනය කර ඇති බවට සැකයක් පවතින බවත් ඒ හේතුවෙන් දරුවා සියදිවි හානි කරගෙන ඇති බවටත් උද්ඝෝෂකයින් චෝදනා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
9
+1
7
+1
3
+1
24
+1
3
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?