දැරියකට හදි කළ ඥාතීයා අත්අඩංගුවට

දොලොස් හැවිරිදි දැරියක් ගැබිනියක් බවට පත්කල පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව හොරොව්පොතාන පොලිසිය පවසනවා.

ත්‍රිකුණාමලය රෝහල් පොලීසිය විසින් සිදුකරණ ලද දැනුම්දීමකට අනුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ හොරොව්පොතාන නගරයේ හෝටලයක වේටර් වරයෙකු ලෙස සිටි හතලිස් හය හැවිරිදි එක්දරු පියෙක්.

ඔහු ඥාතීත්වයෙන් දැරියගේ ලොකු තාත්තා වන බවත් මීට මාස හයකට පෙර සැකකරු සිය නිවසේදී දැරිය දූෂණයට ලක් කර ඇති බවත් පොලිසිය අනාවරණය කරගනු ලැබුවා.

තුන් හැවිරිදි වියේ සිට පැවිදි දිවියට ඇතුළත්ව සිල්මාතාවක්ව සිට ඇති මෙම දැරිය සිවුරු අත් හැර මීට මාස හයකට පෙර සැකකරුගේ නිවසට පැමිණ සතියක පමණ කාලයක් රැඳී සිට ඇත්තේ එකවරම සිය නිවසට යෑමට ඇති අකමැත්ත නිසයි.

දින කිහිපයකට ඉහත දී උදරාබාධයක් බව පවසමින් මව්පියන් විසින් දැරිය ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී කළ වෛද්‍ය පරීක්ෂණ වලදී ඇය මාස හයක ගැබිනියක් බවට තහවුරු වී තිබෙනවා.

සැකකරු කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?