AFC Banner
AFC Banner
Empty Ad

දැනට මිලියන පහළොස් ලක්ෂ හැට නව දහසක මුදල් අච්චු ගහලා

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නිර්දේශ හා උපාය මාර්ගික උපදේශයන් නොතකා හරිමින් ශ්‍රී ලංකා මහ බැංකුව රටත්, ආර්ථිකයත් කාබාසිනියා කරමින් උද්ධමනය අහස උසට නංවන මැරතල් මුදල් අච්චු ගැසීමක දිගටම නිරතවන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රෙය් විධායක අධ්‍යක්ෂ හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වීමෙන් පසුව මේ දක්වා කාලය තුළ අච්චු ගැසූ මුලු මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 1500 සීමාව ඉක්වමා ගොස් ඇතැයි ඔහු කියා සිටියා. 

මාර්තු 1 වැනිදා සිට මාර්තු 16 වැනිදා දක්වා මුද්‍රණය කර ඇති මුළු මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 132.66 ක්. ඊයේ (18) මුද්‍රණය කළ මුදල් ප්‍රමාණය ශ්‍රී ලංකා මහ බැංකුව රහසිගතව තබා ඇතැයි ඒ මහතා පෙන්වා දුන්නා. 

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම පිළිබඳ සාකච්ඡා පවත්වන අතර, මාර්තු 14 දින අච්චු ගැසූ රුපියල් බිලියන 83 ක් ද මෙයට ඇතුලත්.

2020 ජනවාරි 1 වැනිදා සිට මේ දක්වා අච්චු ගැසූ මුළු මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 1569.29 ක් හෙවත් රුපියල් මිලියන 1,596,290 ක්.   

මුදල් අච්චු ගැසීමෙන් භාණ්ඩ මිල ඉහළ නොයන බව ප්‍රකාශ කළ අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකු අධිපති ධූරයට පත්වීමෙන් පසුව මුදල රුපියල් බිලියන 359.66 ක් අච්චු ගසා තිබෙනවා.

ඩොලර් සහ ඉන්ධන අර්බුදයට අමතරව රටතුල රුපියල් අර්බුදයක් ඇති කිරීමට මුලික හේතුව වූවේ රජයේ මැරතන් මුදල් අච්චු ගැසීම බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය විසඳීමට මහ බැංකු අධිපතිවරයා සහ භාණ්ඩාගාර ලේකම්වරයා ප්‍රමුඛ මුදල් මණ්ඩලය සිදු කරන අත්තනෝමතික මුදල් අච්චු ගැසීම නවතා දැමිය යුතු බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නිර්දේශයක්.

ඒ සඳහා 1949 අංක 58 දරණ මුල්‍ය නීති පනත සංශෝධනය කිරීම සඳහා මුදල් මණ්ඩලයේ සාමාජිකත්වයෙන් භාණ්ඩාගාර ලේකම් ඉවත් කර, එය වෘත්තිකයින් අතට පත් කළ යුතු බවට අවස්ථා ගණනාවක දී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල රජයට උපදෙස් ලබාදී තිබෙනවා.

එසේ තිබිය දී, මහ බැංකුව අඛණ්ඩව මුදල් අච්චු ගැසීම යන යකා කොරහත් බිඳගෙන යාමේ උත්සාහයක් බවයි හෙතෙම සඳහන් කළේ.

කිසිදු සීමාවකින් තොරව මුදල් අච්චු ගැසීම නිසා ඩොලර් අර්බුදයක් පමණක් නොව, රට තුල භාණ්ඩ මිල ඉහළ යාම දරාගත නොහැකි තත්වයකට පත්ව ඇතැයි කීර්ති තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළා.

කාබනික වගා සංකල්පයක් හදුන්වාදීමෙන් රටේ කෘෂි නිෂ්පාදනය මුළුමනින්ම පාහේ විනාශ වී ඇති අතර, එළවළු පළතුරු, බිත්තර, ඇතුළු දේශීයව නිෂ්පාදනය කරන ආහාර වර්ගවල මිල අනෙකුත් භාණ්ඩවලට වඩා මිල ඉහළ යාමට කෘෂි නිෂ්පාදන බිඳවැටීම හේතුවී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රදීප් නිලංග දෑලගේ පැටිකිරිය එළියට - දළඳා මාලිගාවේ රත්තරං පිළිම 28ක් අතුරුදන් ?
04:38
Video thumbnail
දයාසිරි ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
27:01
Video thumbnail
අස්වැසුම ලාභීන්ට පෝලිමේ ඉන්න වෙනවා? මෙන්න අලුත්ම අනාවරණය
14:01
Video thumbnail
ගොවි බිමටම ගිහින් ගොවියන්ට කියලා දීපු පාඩම
05:44
Video thumbnail
නීතිපතිවරයාට වැඩ වරදී ? මාලිමාවේ පම්පෝරිය සුනේ සුන්...
07:36
Video thumbnail
කසියා පෙරපු අයයි - බොන්න ආපු අයයි එක පොදියට පොලිස් දැලට
02:13
Video thumbnail
මේක නැවැත්තුවේ නැතොත් - අපි නවත්වන විදියත් දන්නවා
10:03
Video thumbnail
පා.ම නිතීඥ ලක්මාලි හේමචන්ද්‍ර සහ පා.ම රෝහණ බණ්ඩාර සමඟ දසත කස්තිරම
01:31:21
Video thumbnail
පාසල්වල මුදල් එකතු කිරීම තහනම් - බොරුවාට බයිලා ගහලා වැඩක් නෑ
04:33
Video thumbnail
චන්දිම වීරක්කොඩිගෙන් හෙළිදරව්වක් - ගේ ගිනි තිබ්බේ මාලිමාවේ ප්‍රබලයෙක්
01:59

?