දැඩි රැකවල් මැද බ්‍රිතාන්‍ය අගමැති යුක්රේනයට ගොස් යුක්රේන ජනපති හමුවෙයි

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක්, යුක්රේනයේ කීව් අගනුවර වෙත ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙහිදී බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා සහ යුක්රේන ජනාධිපති වොලඩිමියර් සෙලෙන්ස්කි අතර විශේෂ සාකච්ඡාවක් ද පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

යුක්රේනයට අඛණ්ඩව බ්‍රිතාන්‍යයේ සහාය ලබාදෙන බවට අග්‍රාමාත්‍ය රිෂී සුනාක් මෙහිදී පවසා තිබෙනවා.

විශේෂ ආරක්ෂාවක් මධ්‍යයේ යුක්රේනය වෙත ගිය බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා පවුම් මිලියන 50ක තවත් ආධාර ලබාදෙන බවට ද යුක්රේන ජනාධිපතිවරයාට පොරොන්දු වී ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

ඩ්‍රෝන් ප්‍රහාරවලට මුහුණ දීම සඳහා ගුවන් යානා නාශක තුවක්කු සහ රේඩාර් වැනි අධි තාක්ෂනික උපකරණ ද ඇතුළත් යුද ආධාර පැකේජයක් ද ඊට ඇතුළත් බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?