දහම් පාසල් ගුරුභවතුන් සඳහා දීමනාවක් ලබාදීමට කැබිනට්‍ අනුමැතිය

අධ්‍යාත්මික සංවර්ධනය සඳහා සමාජය යොමු කිරීමට දහම් පාසල් අධ්‍යාපනය තුළින් මනා පිටිවහලක් ලැබෙනවා.

එබැවින්, කිසිදු පෞද්ගලික අපේක්ෂාවකින් තොර ව දහම් පාසල්වල සේවය කරන ගුරුභවතුන්ගේ සේවය අඛණ්ඩව ලබා ගැනීම සඳහා දිරි ගැන්වීම සහ ඔවුන්ගේ අනන්‍යතාව ආරක්ෂා කිරීම මෙන් ම සමාජයේ යහපැවැත්මට අත්‍යවශ්‍ය වන දහම් අධ්‍යාපනයේ අභිවෘද්ධිය පිණිස ඔවුන්ට ගුරු දීමනාව හා නිල ඇඳුම් දීමනාව ලබා දීම වඩාත් සුදුසු බව හඳුනාගෙන තිබෙන බවයි රජය නිවේදනය කළේ.

ඒ අනුව, 2026 වර්ෂයේ සිට ඉදිරියට බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි හා කතෝලික ආගම්වලට අයත් ලියාපදිංචි දහම්පාසල්වල එක් වසරක අඛණ්ඩ සේවා කාලයක් සම්පූර්ණ කරන ලද ගුරු භවතුන්ට ගුරු දීමනාව හා නිල ඇඳුම් දීමනාව ඇතුළත් එක් දීමනාවක් ලෙස රුපියල් 7,500/-ක මුදලක් වර්ෂයකට එක් වතාවක් ගෙවීම පිණිස බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
12
+1
0
+1
3
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාදෙනියට ගිය නාමල්ව දැක්ක මිනිස්සු නාමල්ව වටකරගෙන දුක කියයි
00:36
Video thumbnail
සුජීව සේනසිංහ බඩුත් අරගෙන අමුණුපුර විදුහලේ අවතැන්වූවන්ට පිහිට වෙන්න යයි..
16:33
Video thumbnail
ආදරය වැඩසටහන ඉතාම සාර්ථකව කරගෙන යනවා..ආණ්ඩුවට පුළුවන් මිත්‍රශීලි රටවලින් උදව් ඉල්ලන්න
05:43
Video thumbnail
රාජපක්ෂලා දැන් නිහඬයිද ?"නිහඩ නෑ අපි යුතුකම් වගකීම් කරනවා"..චමල් රාජපක්ෂ හිනාවෙවී කිව්ව දේ
04:59
Video thumbnail
රන්වල හදිස්සියෙන් ගිහින් තියෙන්නේ ජපන් උපාධි සහතිකය පෙන්නන්න..අකරතැබ්බය අස්සේ ඒකත් නැතිවෙලා
03:01
Video thumbnail
චන්ද්‍රිකා දුන්නේ පදනමට ලැබෙන මුදල්නේ..මට එහෙම එකතුවෙන පදනමක් නෑ..ඇසූ ප්‍රශ්නයට මෛත්‍රීපාල කිව්ව දේ
06:13
Video thumbnail
ඉදිරියේදී කාළගුණය වෙනස්ම අතකට හැරෙයි..ඉදිරියේදී කාළගුණය වෙනස්ම අතකට හැරෙයි
08:41
Video thumbnail
ලන්සාගේ ගෙදරට මහින්ද හෙළිකොප්ටරෙන් යන්නේ නිකන් නෙවෙයි..දේශපාලනය පාතාලයට රැකවරණය දුන්න හැටි මෙන්න
13:40
Video thumbnail
වාද්දුව වාහන සේවා මධ්‍යස්ථානයක දෙපිරිසක් අතර දැඩි උණුසුමක්.."මේක මගේ ගම..මම මේකෙ මන්ත්‍රී කෙනෙක්"
02:22
Video thumbnail
අපි NPP එක පරාජය කළා..මට හරිම සන්තෝසයි..රත්නපුර ම.නගර සභාවේ මාලිමාවේ මංගල අයවැය පරාද වෙයි
11:36


?