දඹුල්ල උණුසුම් වෙයි – වෙළදාම් කළ ව්‍යාපාරිකයින්ව පොලිසිය වටලයි

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසා දැමීමත් සමග ආර්ථික මධ්‍යස්ථානයට එළවළු රැගෙන ආ ගොවීන් ගලේවෙල පොලිස් බල ප්‍රදේශයේ ස්ථාන කිහිපයක තම එළවළු අස්වනු තබාගෙන අලෙවි කිරීම සිදුක කරනවාත් සමග ප්‍රදේශවාසීන් (29) ඊට විරෝධතා දක්වන්නට වූහ.

පසුව ගලේවෙල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රුක්ශාන්ත පෙරේරා මහතා ගලේවෙල සෞඛ්‍ය අංශ ප්‍රාදේශීය සභාවේ සභාපති එම්.පි.ආර්.ජයතිලක මහතා ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කසුන් ආරියරත්න මහතා ඇතුළු කණ්ඩායමක් එම ප්‍රදේශවලට පැමිණ ගොවීන් ව්‍යාපාරිකයන් එම ස්ථානවලින් ඉවත් කිරීමට පියවර ගනු ලැබූහ.

එම ස්ථානයට දඹුල්ල සහකාර පොලිස් අධිකාරී ඒ.එස්.කේ.බණ්ඩාර මහතා ඇතුළු තවත් පොලිස් කණ්ඩායමක් පැමිණ මෙහි ඇති භයානක තත්ත්වය පිළිබඳව ගොවීන්ට මෙන්ම ව්‍යාපාරිකයන්ට ද පෙන්වා දීමට පියවර ගනු ලැබූහ.

ගොවීන් කියා සිටියේ තම අස්වනු අලෙවි කර ගැනීම සඳහා සුදුසු ස්ථානයක් ලබා දෙන ලෙසය. බලධාරීන් එම එළවළු අලෙවි කිරීමේ ක්‍රමවේදයක් සකස් නොකිරීම නිසා පොලිසිය මෙන්ම රාජ්‍ය නිලධාරින් ද දැඩි අසීරු අසීරුතාවයකට පත්ව සිටීයහ.

ප්‍රදේශවාසීන් දැඩි ලෙස කියා සිටියේ ආර්ථික මධ්‍යස්ථානය වසා දමා එහි සිටි ව්‍යාපාරිකයන් වෙළඳ සහයකයන් කම්කරුවන් ආදී සියලුදෙනා තම ගම්මානවලට පැමිණ එළවළු අලෙවි කිරීම් නිසා තම ප්‍රදේශය බලවත් ලෙස අවදානමකට ලක්වී ඇති බවය.

එම නිසා කිසිදු ආකාරයකින් තම බල ප්‍රදේශයේ එළවළු අලෙවි කිරීමට ඉඩ ලබා නොදෙන බව ප්‍රදේශවාසීන් කෑගසන්නට වූහ. පසුව පොලිසිය දෙපිරිස අතර ඇති වූ තත්ත්වය මැඩ පවත්වන්නට විය.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන දිවයිනේ එළවළු අවශ්‍යතාවයෙන් සියයට හැත්තෑවක් පමණ දිනකට එළවළු ලොරි එක්දහස් පන්සියයකට වඩා පැමිණෙන අලෙවි කරන ස්ථානයක් බව වෙළෙන්දෝ පෙන්වා දෙන්නට වූහ.

එවැනි ස්ථානයක් වසා දැමීම හේතුවෙන් විකල්ප ක්‍රමවේදයක් නොමැති වීම බලවත් කණගාටුවක් බවත් සඳහන් කරන්නට විය. කෙසේ වෙතත් ගොවි සංවිධාන සහ ගොවීන් කියා සිටියේ තමන්ගේ එළවළු අස්වැන්න මංකොල්ලක කෑමක් ද මෙහිදී සිදුවෙන බව ද ඉතා අඩු මුදලට එළවළු ලබාගෙන වැඩි මුදලට අලෙවි කිරීම හේතුවෙන් තමන් දැඩි අසීරුතාවයකට පත්ව ඇති බව ද ගොවීන් පොලීසිය සහ රාජ්‍ය නිලධාරීන් සමග කියන්නට විය.

කෙසේවෙතත් අවස්ථා කිහිපයකදීම ප්‍රදේශවාසීන් සහ ගොවීන් මෙන්ම ව්‍යාපාරිකයන් අතර ගලේවෙල ප්‍රදේශයේ උණුසුම් තත්ත්වය ඇතිවූ අතර පොලිසිය දැඩි ලෙස එම තත්ත්වය මැඩ පැවැත්වීමට පියවර ගනු ලැබීය.

ගලේවෙල ප්‍රාදේශීය සභාවේ සභාපති එම්.පි.ආර්.ජයතිලක මහතා කියා සිටියේ ආර්ථික මධ්‍යස්ථානය වසා දැමීමත් සමඟ තම බල ප්‍රදේශයේ බරපතල ප්‍රශ්නයකට මුහුණ දී ඇති බවයි. කෙසේ වෙතත් තමන් ජනතාවගේ ඉල්ලීම් ඉටු කිරීමට සිදුවන බවත් සඳහන් කළේය.

177517326 316520626487793 4694548625246928566 n
176849837 316520396487816 4740276579321825826 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්ද ජයසිංහ, දැක්කොත් බුවා නොදැක්කොත් එබුවා
07:50
Video thumbnail
බොරු කියන ටොම් පචයන්ගේ ආණ්ඩුවක් පෙරළීමේ චේතනාවක් තුන් හිතකවත් නෑ..
04:41
Video thumbnail
කතාකරන්න දෙයක් නෑ යකෝ - දීපන් මගේ සල්ලී..Showroom එකක් ඇතුළේ යකා නටපු හැටි..
02:21
Video thumbnail
මෙයාලා අමු දූ#ෂිතයෝ - ලෝක හොරකමක්
25:04
Video thumbnail
ආණ්ඩුව දැන් තමයි හොරකම් කරන්න ඉගෙනගන්නේ
21:19
Video thumbnail
මත්ද්‍රව්‍ය ප්‍රශ්නයට තිත තියන්න ආනන්දගෙන් පියවර රැසක්..බැරෑරුම් පැත්තට උඩු දුවලා
10:20
Video thumbnail
RDA එකෙන් ඇවිත් මුළු ගමක්ම සුන්නද්දූලි කරයි..
00:25
Video thumbnail
ගුරු සංවර්ධන නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලය වටලයි
00:36
Video thumbnail
ගුරු සංවර්ධන නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලය වටලයි..දැඩි පොලිස් ආරක්ෂාවක් දාලා
01:51
Video thumbnail
වන්දනා ගමනත් සුනු විසුණු කරමින් බස් රථය අළු කළ ගින්න
01:54


?