දමිළ ප්‍රගතිශිලි සන්ධානය ඇමරිකානු තනාපතිවරිය සමඟ විශේෂ සාකච්ඡාවක (ඡායාරූප)

නුවරඑලිය ප්‍රදේශයේ මේ දිනවල විශේෂ නිල සංචාරයක නියැලි සිටින ඇමරිකානු මෙරට තනාපතිනි ජුලි චන් මහත්මිය සමඟ දමිළ ප්‍රගතිශිලි සන්ධානය (07) දින පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත් වු බව දමිළ ප්‍රගතිශිලි සන්ධානයේ නියෝජ්‍ය නායක සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම වි රාධා ක්‍රිෂ්ණන් පැවසුවා.

නුවරඑලිය ග්‍රැන්ඩ් හෝටලයේදි පැවති මෙම සාකච්ඡාවට දමිළ ප්‍රගතිශිලි සන්ධානයේ නායක කොළඹ දිස්ත්‍රික් පා.ම මනෝ ගනේෂන් , නියෝජ්‍ය නායක නුවරඑලිය දිස්ත්‍රික් පා.ම එස්.උදයකුමාර් යන අයද සහභාගි වු බවත්, එම සාකච්ඡාවේදි කදුකරයේ ජනතාවගේ මෙතෙක් නොවිසදුණු නිවාස ගැටළුව ඇතුළු ආර්ථික ගැටළු සම්බන්ධයෙන් දිර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවයි රාධා ක්‍රිෂ්ණන් පවසා සිටියේ.

තවද 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරිම සම්බන්ධයෙන් සාකච්ඡා කල බවත්, එම සාකච්ඡාවන්ට ඇමරිකානු මෙරට තනාපතිනියගෙන් යහපත් ප්‍රතිචාර ලැබුණු බවත්, එම සාකච්ඡාව සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැනුවත් කිරිමට තනාපතිනිය එකඟ වු බවද රාධා ක්‍රිෂ්ණන් මන්ත්‍රිවරයා වැඩිදුරටත් පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?