Thursday, January 9, 2025
Empty Ad
AFC Banner
AFC Banner

දකුණු අප්‍රිකාවේ T20 නායකත්වය ක්ලාසන්ට

දකුණු අප්‍රිකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන T20 තරගාවලියේ නායකත්වය හෙන්රිච් ක්ලාසන්ට (Heinrich Klaasen) හිමිව තිබෙනවා.

තරග 03කින් සමන්විත T20 තරගාවලියේ පළමු තරගය එළඹෙන 10 වැනිදා ඩර්බන් නුවරදියි ඇරඹෙන්නේ.

ඒ අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙහෙයවීමේඑ වගකීම ක්ලාසන් දරනු ඇති.

මීට අමතරව පාකිස්තානයට එරෙහි සටනට දඟ පන්දු ක්‍රීඩකයින් වන නෝර්ට්ජේ සහ ෂම්සි කැඳවා තිබෙනවා.

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කරන නිසා මාක්‍රම්, ජැන්සන්, මහරාජ්, රබාඩා සහ ස්ටබ්ස් යන ක්‍රීඩකයින්ට පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන T20 තරගාවලිය අහිමි වනු ඇති.

මේ වන විට ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලියට සම්බන්ධ වී සිටීම මතයි Aiden Markram නොමැති අඩුපාඩුව ක්ලාසන් විසින් පුරවනු ලබන්නේ.

පහතින් දැක්වෙන්නේ පාකිස්තානයට එරෙහිව එක්වන T20 සංචිතයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?