AFC Banner
AFC Banner
Empty Ad

තෛපොංගල් වෙනුවෙන් අගමැතිණිය සහ විපක්ෂ නායකවරයාගෙන් සුබ පැතුම්

එකිනෙකා අගය කිරීම සහ කෘතගුණ සැලකීමේ උතුම් ගුණාංග උදෙසා දමිල ප්‍රජාව විසින් සෑම වසරකම ජනවාරි මාසයේ සමරන තෛපොංගල් උත්සවය සැබෑ සංස්කෘතික වටිනාකම කියාපාන්නක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

අදට දී ඇති තෛපොංගල් උත්සවය වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළා.

රටක් වශයෙන් අප සුවිශේෂි සංධිස්ථානයට එළඹ ඇති බවත් ව්‍යුහාත්මක සහ ප්‍රතිපත්තිමය වෙනසක් මෙන්ම ආකල්පමය වෙනසක් ද ඇතිකරමින් පුනරුද යුගයක් කරා රට ගෙනයාමේ දැවැන්ත මෙන්ම භාරදුර වගකීම රජය භාරගෙන ඇති බවයි අග්‍රාමාත්‍යවරයි සිය සුබපැතුම් පණිවුඩය මඟින් වැඩිදුරටත් දක්වා ඇත්තේ.

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද තෛපොංගල් උත්සවය වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

බහුජාතික සහ බහුභාෂාමය ජන සමාජයක් ඇති අපගේ මාතෘභූමියේ විවිධත්වයෙන් එකමුතුවට මඟපාදන තවත් ජාතික උත්සවයක් ලෙස සියලුදෙනා එක්ව තෛපොංගල් උත්සවය සැමරීමට කටයුතු කිරීම අපගේ සංස්කෘතික උරුමයන් සුරැකීමට මඟපාදන බවයි විපක්ෂ නායකවරයා සිය සුබ පැතුම් පණිවුඩය මඟින් පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?