තෙල් සංස්ථාවට කුලී පදනම මත නැවක්

2023 වසරේ ජුනි මස පළමුවනදා සිට වසර දෙකක් කාලය සඳහා කුලී පදනම මත නඩත්තු හා හදිසි ප්‍රතිචාර නෞකාවක් සේවයේ යෙදවීම සඳහා වන යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ, අනුව අදාළ කොන්ත්‍රාත්තුව Sri Lanka Shipping Company Limited වෙත ප්‍රදානය කිරීම සඳහා අනුමැතිය හිමි වූ බවයි අද (16) පැවති කැබිනට් තීරණය දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසුවේ.

මෙම යෝජනාව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත්කර තිබුණා.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහා නඩත්තු හා හදිසි ප්‍රතිචාර නෞකාවක් ජාත්‍යන්තර තරගකාරී ලංසු ක්‍රමවේදය යටතේ කුලී පදනම මත ලබා ගැනීම සඳහා 2022-11-21 පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දෙනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
1
+1
0
+1
1
+1
0
+1
1
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?