AFC Banner
AFC Banner
Empty Ad

තෙල් මෝලේ සිකුරිටි මරා සේප්පුව බින්ඳ සැකකරු අල්ලයි

තෙල් නිෂ්පාදන ආයතනයක ආරක්ෂක නිලධාරියා ඝාතනය කර එහි තිබූ සේප්පුව කඩා මුදල් කොල්ල කෑ සිද්ධියක් ඊයේ (11)
මුන්දලම ප්‍රදේශයෙන් වාර්තා වුණා.

මෙම අපරාධය සිදුකළ බවට සැකකෙරෙන පුද්ගලයෙක් පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු මුන්දලම, බත්තුළුඔය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 37ක පුද්ගලයෙක් බවයි වාර්තා වුණේ.

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්ණ කිරීමේ දී ඝාතනයේ සහ කොල්ලයේ තොරතුරු අනාවරණය කරගැනීමට පොලිසියට හැකිව ඇති අතර, ඔහුගේ නිවසේ දුම් මැස්සේ සඟවා තිබිය දී කොල්ලකන ලද රුපියල් 1,041,750 මුදලක් සොයාගෙන තිබෙනවා.

ඊයේ (11) අලුයම් කාලයේ අදාළ තෙල් නිෂ්පාදන ආයතනයේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ආරක්ෂක නිලධාරියා ඝාතනය කර එහි සේප්පුව බිඳ රුපියල් 1,350,180ක මුදලක් කොල්ලකා ඇති බවට වාර්තා වුණා.

මෙලෙස ඝතනයට ලක්ව තිබුණේ හලාවත, විජයකටුපත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන කේ.එම්.නුරාජ් ඉන්දික නැමැති අවුරුදු 46ක පුද්ගලයෙක්.

අපරාධය සම්බධයෙන් පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සිදුකළ විමර්ශනවල දී සැකකරු පැය 24ක් ගතවන්නටත් පෙර මෙලෙස අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
1
+1
3
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?