එක්සත් ජනපදයේ ප්‍රතිපත්ති පොලී අනුපාත සම්බන්ධයෙන් තීරණය නිකුත් වීමට පෙර ලොව පුරා බොහෝ ආයෝජකයෝ ලාභ බලාපොරොත්තුවෙන් කටයුතු කිරීම හේතුවෙන් ලෝක බොර තෙල් මිලට ද බලපෑම් එල්ලවී තිබේ.
ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ රුසියාව සහ යුක්‍රේනය අතර පැනනැගිමින් පවතින යුද උණුසුම සහ මැද පෙරදිග ඇතිව ඇති දේශපාලන විපරීත භාවයද ලෝක ඉන්ධන වෙළෙඳපොළට බලපෑම් ඇතිකර තිබේ.
මේ කරුණු හේතුවෙන් ලෝක වෙළෙඳපොළෙහි බ්‍රෙන්ට් බොර තෙල් මිල බැරලයක් සඳහා ඩොලර් ශත 15කින් අඩුකර ඇති බවය. ඒ අනුව බොර තෙල් බැරලයක මිල සඳහන් වන්නේ ඩොලර් 88.05ක් ලෙසය.
WTI බොර තෙල් බැරලයක මිල ඩොලර් ශත 31කින් පහළ ගොස් ඇත්තේ බැරලයක මිල ඩොලර් 85.29 ලෙස සටහන් කරමිනි.
වසර 7කට පසුව වාර්තා වූ වැඩිම බොර තෙල් මිල පසුගිය සතියේදී වාර්තා විය.