තුර්කි භූ කම්පනයෙන් පසු අතුරුදන්ව සිටි ශ්‍රී ලාංකික කතගේ සිරුර හමුවෙයි

තුර්කියේ සිදු වූ භූ කම්පනයෙන් පසු අතුරුදන් වූ බවට වාර්තා වූ ශ්‍රී ලාංකික කාන්තාවගේ මළ සිරුර සොයාගෙන තිබෙනවා.

ඇයගේ මළ සිරුර ඇගේ දියණිය විසින් හඳුනාගෙන ඇති බවයි තුර්කියේ ශ්‍රී ලංකා තානාපතිනිය සඳහන් කළේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්වූ කාන්තාව ගලගෙදර ප්‍රදේශයේ පදිංචිව සිට මීට වසර වසර 20කට පමණ පෙර තුර්කියේ පදිංචියට ගිය තැනැත්තියක් බවයි වාර්තා වන්නේ.

මෙම කාන්තාව 69 හැවිරිදි වියේ පසු වුණා.

මේ අතර තුර්කියට සහ සිරියාවට බලපෑ මෙම භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 29,000 ඉක්මවා ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

කඩා වැටුණු ගොඩනැගිලි වල සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයින් මුදාගැනීමේ මෙහෙයුම් සඳහා දෙස් විදෙස් මුදාගැනීමේ සේවකයින් එක් ලක්ෂ පනස්දහසකට වැඩි සංඛ්‍යාවක් එක්ව සිටින බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
3
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?