තුර්කියට සහ සිරියාවට මානුෂීය ආධාර ලබාදීම ගැන අගමැති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

තුර්කියේ සහ සිරියාවේ සිදු වූ භූමිකම්පාවෙන් විපතට පත් ජනතාවට මානුෂීය ආධාර ලබාදීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි ඊයේ (09) අරලියගහ මන්දිරයේ දී භූමිකම්පාවෙන් විපතට පත් වූවන්ට කඩිනම් සහන සැලසීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙම රැස්වීම පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

රාජ්‍ය ආයතන, රාජ්‍ය නොවන ආයතන සහ පෞද්ගලික අංශය මඟින් මිනිස් බල සම්පත් ඇතුළු අත්‍යවශ්‍ය අවශ්‍යතා සැපයීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණා.

එක්සත් ජාතීන්ගේ මානුෂීය මෙහෙයුම් පිළිබඳ පුහුණුව ලත් වෛද්‍ය සහ ඉංජිනේරු කාර්ය මණ්ඩලයක් මෙන්ම තේ සහ නිෂ්පාදිත නිෂ්පාදන තුර්කියේ වින්දිතයින්ට රාජ්‍ය හා පෞද්ගලික අංශයෙන් ලබාදීමට මෙහිදී සැලසුම් කර ඇති බව සඳහන්.

අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් හරහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනවා.

සිරියාවේ විපතට පත් වූවන් වෙත ලෙබනනය හරහා මානුෂීය ආධාර යැවීමේ හැකියාව පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
4
අවුල් වගේ !
0
හරි හිනා !
9
හම්මෝ !
1
මාර දුකයි !
0
මලපනිනව !
2
කුජීතයි !
2
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?